Skip to content

පටුනට යන්න

JW බ්‍රෝඩ්කාස්ටිං

Roku එකෙන් වීඩියෝ බලන්න

Roku එකෙන් වීඩියෝ බලන්න

ඔයා බලන ඕනෙම වීඩියෝ එකක් පෝස් කරන්න, රීවයින්ඩ් කරන්න, ෆාස්ට් ෆෝවඩ් කරන්න, ස්කිප් කරන්න පුළුවන්. වීඩියෝ වර්ගය හෝ වීඩියෝ එකතුවක තියෙන වීඩියෝ එකක් එහෙමත් නැත්නම් හැම වීඩියෝ එකක්ම බලන්න.

(සැලකිල්ලට ගන්න: ඔයාගේ Roku රිමෝට් එක මේ කොටසේ පෙන්නලා තියෙන රිමෝට් එකේ පින්තූරයට වඩා වෙනස් වෙන්න පුළුවන්.)

 වීඩියෝ එකක් හොයාගෙන ඒක බලන්න

Home ස්ක්‍රීන් එකේ උඩට වෙන්න තියෙන Video Categories සිලෙක්ට් කරලා වීඩියෝ වර්ග බලන්න. ඔයාගේ රිමෝට් ඒකේ තියෙන ඇරෝ පාවිච්චි කරලා මෙනූ එක බලන්න. හයිලයිට් කරලා තියෙන category එක සිලෙක්ට් කරන්න OK බට්න් එක ඔබන්න.

සමහර වීඩියෝ, වීඩියෝ වර්ග කිහිපයකම හොයාගන්න පුළුවන්. උදාහරණෙකට “යළි දෙව් පියාපත් සෙවණේ” කියන වීඩියෝ එක චිත්‍රපටි, පවුලේ සැමට සහ යෞවනයන් යටතේ හොයාගන්න පුළුවන්.

එක වීඩියෝ වර්ගයක් යටතේ තියෙන හැම වීඩියෝ එකක්ම තැනින් තැන ප්ලේ කරන්න Shuffle ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

එක වීඩියෝ වර්ගයක් යටතේ වීඩියෝ එකතු කිහිපයක් තියෙනවා. හැම එකතුවකම වීඩියෝ වැඩසටහන් කිහිපයක්ම තියෙනවා. හැම එකතුවක් උඩින්ම මාතෘකාවක් සඳහන් වෙනවා.

එකතුවක තියෙන වීඩියෝ බලන්න ඔයාගේ රිමෝට් එක පාවිච්චි කරන්න.

  • Up සහ Down: වෙනත් වීඩියෝ එකතුවකට යන්න.

  • Left සහ Right: එකතුවක තියෙන්නේ මොන වීඩියෝද කියලා බලන්න.

එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න විදි දෙකක් තියෙනවා.

  • එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම මුල ඉඳන්ම ප්ලේ කරන්න Play All ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

  • එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම තැනින් තැන ප්ලේ කරන්න Shuffle ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

සැලකිල්ලට ගන්න: එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම ප්ලේ වුණාට පස්සේ වීඩියෝ ප්ලේ වෙන එක නතර වෙනවා.

ඔයා කැමති වීඩියෝ එක තෝරන්න. එතකොට ඔයාට Video Details බලන්න පුළුවන්. පහත සඳහන් ඔප්ෂන්වලින් එකක් තෝරගන්න.

  • Resume: කලින් වතාවේ ඔයා වීඩියෝ එක ඉවර වෙන කල් බලන්නේ නැතුව මඟ නතර කළා නම් විතරයි මේ ඔප්ෂන් එක පෙන්නන්නේ. මේ ඔප්ෂන් එක සිලෙක්ට් කළොත් ඔයා වීඩියෝ එක නතර කරපු තැන ඉඳන් බලන්න පුළුවන්.

  • Play නැත්නම් Play From Beginning: වීඩියෝ එක මුල ඉඳන් ප්ලේ කරන්න.

  • Play With Subtitles: ඔයා ප්ලේ කරන වීඩියෝ එකේ උපසිරැසි තියෙනවා නම් මේ ඔප්ෂන් එක පෙන්නයි. ඒ ඔප්ෂන් එක සිලෙක්ට් කළාම වීඩියෝ එක උපසිරැසි එක්ක බලන්න පුළුවන්. ඒ වගේම අනිත් වීඩියෝ ප්ලේ කරද්දීත් උපසිරැසි තියෙනවා නම් ඒවා පෙන්නයි. උපසිරැසි ඕනෙ නැත්නම් Play Without Subtitles සිලෙක්ට් කරන්න.

  • Play All in the Collection: ඔයා සිලෙක්ට් කරලා තියෙන වීඩියෝ එක ප්ලේ වුණාට පස්සේ ඒ පෙළේ තියෙන අනිත් වීඩියෝ ප්ලේ වෙනවා. එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම ප්ලේ වුණාට පස්සේ වීඩියෝ ප්ලේ වෙන එක නතර වෙනවා.

Video Details යටින් තියෙන්නේ ඔයා තෝරගෙන තියෙන වීඩියෝ පෙළේ අනිත් වීඩියෝ ටික. ඒ පේළියට යන්න Down බට්න් එක ඔබන්න. Video Detailsවලට ආයෙත් යන්න Up බට්න් එක ඔබන්න.

 වීඩියෝ එකේ ප්ලේ බට්න් එක පාවිච්චි කරන විදිහ

වීඩියෝ එකක් ප්ලේ වෙද්දී ඔයාගේ රිමෝට් එකෙන් මේ දේවල් කරන්න පුළුවන්.

  • Play/Pause: වීඩියෝ එක පෝස් කරන්න. වීඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න ඒ බට්න් එකම ඔබන්න.

  • Right: තත්පර කිහිපයක් වීඩියෝ එක ඉස්සරහට යවන්න. වීඩියෝ එක ඉක්මනින් ඉස්සරහට යවන්න ඒ බට්න් එක ඔබාගෙනම ඉන්න. වීඩියෝ එක ඔයාට ඕනෙ තැනට ආවම Play බට්න් එක එහෙමත් නැත්නම් OK බට්න් එක ඔබන්න.

  • Fast Forward: වීඩියෝ එක ඉස්සරහට යවන්න මේ බට්න් එක එකපාරක් ඔබන්න. වීඩියෝ එක ඔයාට ඕනෙ තැනට ආවම Play බට්න් එක එහෙමත් නැත්නම් OK බට්න් එක ඔබන්න.

  • Left: තත්පර කිහිපයක් වීඩියෝ එක ආපස්සට යවන්න. වීඩියෝ එක ඉක්මනින් ආපස්සට යවන්න ඒ බට්න් එක ඔබාගෙනම ඉන්න. වීඩියෝ එක ඔයාට ඕනෙ තැනට ආවම Play බට්න් එක එහෙමත් නැත්නම් OK බට්න් එක ඔබන්න.

  • Rewind: ඉක්මනින් වීඩියෝ එක ආපස්සට හෝ වීඩියෝ එක මුලට යවන්න. වීඩියෝ එක ඔයාට ඕනෙ තැනට ආවම Play බට්න් එක එහෙමත් නැත්නම් OK බට්න් එක ඔබන්න.

  • Back: Video Detailsවලට ආයෙත් යන්න.

 ළඟදී එකතු කරපු සහ විශේෂ කියන කොටස යටතේ තියෙන වීඩියෝ බලන්න

JW බ්‍රෝඩ්කාස්ටිං home ස්ක්‍රීන් එකේ විශේෂ වීඩියෝ එකතු දෙකක් තියෙනවා.

  1. විශේෂ: විශේෂ වීඩියෝ. උදාහරණෙකට හැම සතියකම අපේ රැස්වීම්වලදී පෙන්වන වීඩියෝ, පවුලේ නමස්කාරයට අදාළ වීඩියෝ.

  2. අලුත්ම වීඩියෝ: ළඟදී එකතු කරපු වීඩියෝ.