Skip to content

පටුනට යන්න

JW බ්‍රෝඩ්කාස්ටිං

Amazon Fire TV එකෙන් වීඩියෝ බලන්න

Amazon Fire TV එකෙන් වීඩියෝ බලන්න

ඕනෙම වීඩියෝ එකක් බලද්දී ප්ලේ බට්න් එක පාවිච්චි කරලා වීඩියෝ එක පෝස් කරන්න, රීවයින්ඩ් කරන්න, ෆාස්ට් ෆෝවඩ් කරන්න, ස්කිප් කරන්න පුළුවන්. වීඩියෝ වර්ගයක් යටතේ තියෙන එහෙමත් නැත්නම් වීඩියෝ එකතුවක් යටතේ තියෙන වීඩියෝ එකක් හරි හැම වීඩියෝ එකක්ම හරි බලන්න.

(සැලකිල්ලට ගන්න: ඔයාගේ රිමෝට් එක මේ කොටසේ පෙන්නලා තියෙන රිමෝට් එකේ පින්තූරයට වඩා වෙනස් වෙන්න පුළුවන්.)

 වීඩියෝ එකක් හොයාගෙන ඒක බලන්න

දැනට තියෙන වීඩියෝ වර්ග බලන්න home ස්ක්‍රීන් එකේ උඩින්ම තියෙන Video Categories සිලෙක්ට් කරන්න. Amazon Fire TV රිමෝට් එක පාවිච්චි කරලා වීඩියෝ වර්ග මෙනු එක බලන්න. හයිලයිට් වෙලා තියෙන වීඩියෝ වර්ගය සිලෙක්ට් කරන්න Select බට්න් එක ඔබන්න.

සමහර වීඩියෝ, වීඩියෝ වර්ග කිහිපයකම හොයාගන්න පුළුවන්. උදාහරණෙකට “යළි දෙව් පියාපත් සෙවණේ” කියන වීඩියෝ එක චිත්‍රපටි, පවුලේ සැමට සහ යෞවනයන් යටතේ හොයාගන්න පුළුවන්.

එක වීඩියෝ වර්ගයක් යටතේ තියෙන හැම වීඩියෝ එකක්ම තැනින් තැන ප්ලේ කරන්න Shuffle ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

එක වීඩියෝ වර්ගයක් යටතේ වීඩියෝ එකතු කිහිපයක් තියෙනවා. හැම එකතුවකම වීඩියෝ වැඩසටහන් කිහිපයක් තියෙනවා. හැම වීඩියෝ එකතුවක් උඩින්ම මාතෘකාවක් සඳහන් වෙනවා.

වීඩියෝ එකතුවක තියෙන වීඩියෝ බලන්න ඔයාගේ රිමෝට් එක පාවිච්චි කරන්න.

  • Up සහ Down බට්න්: වෙනත් වීඩියෝ එකතුවකට යන්න.

  • Left සහ Right බට්න්: වීඩියෝ එකතුවක තියෙන්නේ මොන වීඩියෝද කියලා බලන්න.

වීඩියෝ එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න විදි දෙකක් තියෙනවා.

  • වීඩියෝ එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම මුල ඉඳන්ම ප්ලේ කරන්න Play All ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

  • වීඩියෝ එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම තැනින් තැන ප්ලේ කරන්න Shuffle ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

සැලකිල්ලට ගන්න: වීඩියෝ එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම ප්ලේ වුණාට පස්සේ වීඩියෝ ප්ලේ වෙන එක නතර වෙනවා.

ඔයා කැමති වීඩියෝ එක තෝරන්න. එතකොට ඔයාට Video Details බලන්න පුළුවන්. පහත සඳහන් ඔප්ෂන්වලින් එකක් තෝරගන්න.

  • Play: වීඩියෝ එක මුල ඉඳන් බලන්න.

  • Play All: ඔයා සිලෙක්ට් කරලා තියෙන වීඩියෝ එක ප්ලේ වුණාට පස්සේ ඒ වීඩියෝ පෙළේ තියෙන අනිත් වීඩියෝ ප්ලේ වෙනවා. වීඩියෝ එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම ප්ලේ වුණාට පස්සේ වීඩියෝ ප්ලේ වෙන එක නතර වෙනවා.

  • Resume: කලින් නවත්තපු තැන ඉඳන් වීඩියෝ එක බලන්න පටන්ගන්න.

Video Details යටින් තියෙන්නේ ඔයා තෝරගෙන තියෙන වීඩියෝ පෙළේ අනිත් වීඩියෝ ටික. ඒ පේළියට යන්න Down බට්න් එක ඔබන්න. Video Detailsවලට ආයෙත් යන්න Up බට්න් එක ඔබන්න.

 ප්ලේ බට්න් එක පාවිච්චි කරන විදිහ දැනගන්න

වීඩියෝ එකක් ප්ලේ වෙද්දී ඔයාගේ Amazon Fire TV රිමෝට් එකෙන් මේ දේවල් කරන්න පුළුවන්.

  • Play/Pause බට්න්: වීඩියෝ එක පෝස් කරන්න. වීඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න ඒ බට්න් එකම ඔබන්න.

  • Fast Forward හෝ Right බට්න්: වීඩියෝ එක ඉස්සරහට යවන්න. වීඩියෝ එක ඔයාට ඕනෙ තැනට ආවාම Play බට්න් එක ඔබන්න.

  • Rewind හෝ Left බට්න්: වීඩියෝ එක ආපස්සට හරි මුලටම හරි යවන්න. වීඩියෝ එක ඔයාට ඕනෙ තැනට ආවාම Play බට්න් එක ඔබන්න.

  • Back බට්න්: Video Detailsවලට ආයෙත් යන්න.

 ළඟදී එකතු කරපු සහ විශේෂ කියන කොටස යටතේ තියෙන වීඩියෝ බලන්න

JW බ්‍රෝඩ්කාස්ටිං home ස්ක්‍රීන් එකේ විශේෂ වීඩියෝ එකතු දෙකක් තියෙනවා.

  1. විශේෂ: විශේෂ වීඩියෝ. උදාහරණෙකට හැම සතියකම අපේ රැස්වීම්වලදී පෙන්වන වීඩියෝ, පවුලේ නමස්කාරයට අදාළ වීඩියෝ.

  2. අලුත්ම වීඩියෝ: ළඟදී එකතු කරපු වීඩියෝ.