2014 දෙසැම්බර් 12
දකුණු කොරියාව
ජාත්‍යන්තර සමුළු ගැන තොරතුරු: ලෝක කුසලාන ක්‍රීඩාංගණයේදී සාක්ෂිකරුවන් බයිබලය මුදාහරියි
සෝල්—කොරියාවේ සෝල් නගරයේ “නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න!” කියන ඔවුන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොරියානු භාෂාවෙන් සංශෝධනය කරපු ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ මුදාහැරියා. 2014 සැප්තැම්බර් 6-8 දක්වා දිනවල ඒ සමුළුව පැවැත්තුවේ සෝල් ලෝක කුසලාන ක්‍රීඩාංගණයේදීයි. එතන රැස් වෙලා හිටපු 56,867දෙනාටත් චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන ස්ථාන 6ක සිට ඊට සම්බන්ධ වුණ 59,091දෙනාටත් නොමිලේ බයිබලය බැගින් ලබා දුන්නා. සමුළුවට සහභාගි වුණ ජූන්-යොං චොයි කියන කෙනා මෙහෙම කිව්වා. “‘නව ලොව පරිවර්තනය’ මුදාහැරපු අවස්ථාව නම් මට කවදාවත් අමතක වෙන එකක් නැහැ.”
මේ වැඩසටහනට සහභාගි වෙන්න කැනඩාවේ, ෆින්ලන්තයේ, පිලිපීනයේ, පෝලන්තයේ සහ එක්සත් ජනපදයේ සිට සාක්ෂිකරුවන් ආවා. කොරියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් වන ඩාඒ-ඉල් හොං මෙහෙම කිව්වා. “මේ සමුළුව වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වුණා. අපි හිතුවටත් වඩා ඒක සාර්ථක වුණා. ජාත්‍යන්තර සමුළුවක් පවත්වන්න අපිට අවස්ථාව ලැබුණු එක, කියන්න බැරි තරම් ලොකු සතුටක්.”
තවත් විශේෂත්වයක් වුණේ, පිට්ටනියේ පසෙකට වෙන්න හදලා තිබුණු විශාල බයිබල් තුන. ඒවා බව්තීස්ම තටාක කියලා දැනගත්තම ඇවිත් හිටපු අය පුදුමයට පත් වුණා. ඒ ස්ථානයේදී 630දෙනෙකුත් අනිත් ස්ථාන හයේ 596දෙනෙකුත් බව්තීස්ම වුණා. බව්තීස්ම වුණ අයගේ මුළු එකතුව 1,226යි.
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000
දකුණු කොරියාව: ජූන්-යොං චොයි, විමසීම්: +82 31 690 0033