Skip to content

වෝර්වික්වල පින්තූර 6 (2016 මාර්තු සිට අගෝස්තු දක්වා)

වෝර්වික්වල පින්තූර 6 (2016 මාර්තු සිට අගෝස්තු දක්වා)

2016 මාර්තු සිට අගෝස්තු දක්වා කාලය තුළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානයේ ඉදි කිරීම් කටයුතු සිදු වෙලා තියෙන විදිහ සහ කැමැත්තෙන්ම ඉදිරිපත් වුණු අය ඒ වැඩවලට සහයෝගය දීලා තියෙන විදිහ මේ පින්තූර එකතුවෙන් බලන්න.

වෝර්වික් ගොඩනැඟිලි සංකීර්ණය.

  1. වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

  2. අමුත්තන්ගේ වාහන සඳහා රථ ගාල

  3. නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

  4. B නේවාසික ගොඩනැඟිල්ල

  5. D නේවාසික ගොඩනැඟිල්ල

  6. C නේවාසික ගොඩනැඟිල්ල

  7. A නේවාසික ගොඩනැඟිල්ල

  8. කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

2016 මාර්තු 16 - වෝර්වික් වැඩබිම

ට්‍රක් රථයේ පටවා තියෙන ඕක් සහ මේපල් ගස් බාන ගමන්. වෝර්වික් සංකීර්ණයේ අලුතින් ගස් 1,400කට වඩා වැඩි ප්‍රමාණයක් පැළ කරන්න සැලසුම් කර තියෙනවා.

2016 මාර්තු 23 - වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

යේසුස්ගේ මරණය සිහි කරන වෝර්වික් වැඩබිමේ සේවකයන් පිරිසක්. ඒ අවස්ථාවට 384දෙනෙක් සහභාගි වුණා. ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මෙය වාර්ෂිකව පවත්වනවා.

2016 අප්‍රියෙල් 15 - වෝර්වික් වැඩබිම

වඩු කාර්මිකයන් ආරක්ෂක මුරපොළට ජනේලයක් සවි කරමින්. අමුත්තන් පිළිගැනීම, බෙතෙල් සංකීර්ණයේ ආරක්ෂාව, ඇතුල් වෙන වාහන සහ පිට වෙන වාහන හැසිරවීම වගේ වැඩකටයුතු භාරව ඉන්නේ මේ මුරපොළේ වැඩ කරන අයයි.

2016 අප්‍රියෙල් 19 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

දෙවෙනි මහලේ කොරිඩෝවේ කාපට් ටයිල් අල්ලන පියෙක් සහ පුතෙක්. පොදු ස්ථානවල වැඩිපුරම දාලා තියෙන්නේ කාපට් ටයිල්. ඒ නිසා හදිසියේවත් කාපට් ටයිල් එකක් පලුදු වුණොත් අවශ්‍ය කොටස විතරක් අලුතින් දාන්න පුළුවන්.

2016 අප්‍රියෙල් 27 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

වඩු කාර්මිකයන් කාර්යාල වෙන් කිරීමට බෝඩ් සවි කරමින්. ඒ යොදාගන්න බෝඩ් ගැලවිය හැකි නිසා අවශ්‍යතාවක් ඇති වුණොත් ඒ කාමරවල ප්‍රමාණය වෙනස් කිරීමට හැකියාවක් තියෙනවා.

2016 මැයි 10 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

අමුත්තන් පිළිගැනීමේ ස්ථානයට යාබදව තියෙන විවේක කාමරවලට වැසිකිළි උපාංග සවි කරන සේවකයෙක්.

2016 මැයි 26 - වෝර්වික් වැඩබිම

හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන කණ්ඩායම ගින්නක් මැඩ පවත්වන විදිහ පුහුණු වෙමින්. මේ පුහුණුව නිසා වෝර්වික් බෙතෙල් සංකීර්ණයේ සේවය කරන අයත් ගොඩනැඟිලිත් ගින්නකදී ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. පළාතේ ගිනි නිවීමේ අංශයටත් සේවයක් සිදු වෙනවා.

2016 මැයි 30 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

උදෑසන නමස්කාරය ආරම්භ වෙන්න කලින් වේටර්වරයෙක් වෝර්වික් වැඩබිමේ සේවකයන්ව ප්‍රධාන කෑම කාමරයේ ආසනවලට මඟ පෙන්වමින්.

2016 මැයි 31 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

බෙතෙල් සේවකයන්ට සහ අමුත්තන්ට මඟ පෙන්වන සංඥා ලේසර් ලෙවල් එකක් උදව් කරගෙන අලවන වඩු කාර්මිකයෙක්. මේ වගේ සංඥා 2,500කටත් වඩා වැඩි ප්‍රමාණයක් සංකීර්ණය පුරා තියෙනවා.

2016 ජූනි 1 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

අමුත්තන් පිළිගැනීමේ ස්ථානයේ සිට ශ්‍රවණාගාරයට ඇති තරප්පු පෙළේ අත්වැට වෙල්ඩින් කරන සේවකයෙක්. පින්තූරයේ පහළින් දකින්න තියෙන ගින්නට ඔරොත්තු දෙන බ්ලැන්කට් එක නිසා මේ වෙද්දිත් වැඩ අවසන් කර ඇති දේවලට හානියක් වෙන්නේ නැහැ.

2016 ජූනි 9 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

මඟ පෙන්වන්නෙක් නොමැතිව නැරඹිය හැකි ප්‍රදර්ශන කුටි තුනෙන් එකක් වන “යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ” කියන කුටියේ පිවිසුම් මාර්ගයේ වැඩ කරන බිත්ති/සිවිලින් අංශයේ සේවකයෙක්.

2016 ජූනි 16 - වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

දූවිලි, ටයර් පාරවල් රැඳෙන්නේ නැති වෙන්න කොන්ක්‍රීට් පොළොව සකස් කරන සේවකයන් පිරිසක්.

2016 ජූනි 29 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

අමුත්තන් පිළිගැනීමේ ශාලාවේ ප්‍රධාන පිවිසුම් මාර්ගයට ඉහළින් ඇති වහල සකසන වඩු කාර්මිකයන් පිරිසක්. වහලය සෙවිලි කරන්න යොදාගෙන තියෙන ෆයිබර් ෂීට් නිසා පිවිසුම් මාර්ගයට ස්වාභාවික ආලෝකය ලැබෙනවා.

2016 ජූනි 29 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

“බයිබලය සහ දෙවිගේ නම” කියන ප්‍රදර්ශන කුටියට පිවිසෙන ස්ථානයේ ග්‍රැනයිට් ටයිල් අල්ලන යුවළක්.

2016 ජූලි 6 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

ආසන 1,018ක් තියෙන ප්‍රධාන ශ්‍රවණාගාරයේ වැඩ කරන වඩු කාර්මිකයෙක්. බෙතෙල් පවුලේ අය ‘මුරටැඹ’ පාඩම සහ වෙනත් රැස්වීම් පවත්වන්නේ මේ ශ්‍රවණාගාරයෙයි.

2016 ජූලි 9 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

වඩු කාර්මිකයන්, විදුලි කාර්මිකයන් ඇතුළු සේවකයන් පිරිසක් අමුත්තන් පිළිගැනීමේ ශාලාවේ සංඥා පුවරුව සකස් කරමින්.

2016 ජූලි 13 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

අමුත්තන් පිළිගැනීමේ ශාලාවේ වැඩ කරන සේවකයන්ට අවශ්‍ය වතුර ලබාදෙන්න සූදානම් වෙන සහෝදරියන් දෙන්නෙක්. උණුසුම් කාලගුණයක් තියෙන දවස්වල නිතරම වතුර බොන්න කියලා ඉදි කිරීම්වලට හවුල් වුණු අයට නිතරම සිහිගැන්නුවා.

2016 ජූලි 19 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

දුර්ලභ බයිබල් ප්‍රදර්ශනය කරලා තියෙන “බයිබලය සහ දෙවිගේ නම” කියන කුටියේ බයිබල් තියන ඩිස්ප්ලේ එකක් සකස් කරන වඩු කාර්මික ශිල්පියෙක්. මේ ඩිස්ප්ලේ එකට අමතරව මේ කුටියේ තවත් බයිබල් තැබීමට විශේෂ ස්ථානයක් සකස් කරලා තියෙනවා.

2016 ජූලි 22 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

අමුත්තන් පිළිගැනීමේ ප්‍රධාන ශාලාවේ බිත්තියක ලෝක සිතියමක ආකෘතියක් සකස් කරන වඩු කාර්මිකයෙක්. රටවල් තියෙන තැන් හඳුනගන්න ඔහු යොදාගන්නේ ප්‍රොජෙක්ටරයකින් දිස් වෙන සැලැස්මක්. මේ බිත්තියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නම භාෂා 700කින් පෙන්වලා තියෙනවා.

2016 ජූලි 23 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

අලුත් බෙතෙල් සංකීර්ණයේ වැඩකටයුතු සිදු වෙන විදිහ ගැන බෙතෙල් පවුලේ සාමාජිකයන්ව දැනුවත් කරමින්. මෙවැනි වැඩසටහන්වලින් බෙතෙල් සාමාජිකයන්ව අලුත් සංකීර්ණයට පිළිගැනීමත් ඒ අයගේ ආරක්ෂාව සඳහා කරන්න ඕන දේවල් ගැන දැනුවත් කිරීමත් සිදු වෙනවා.

2016 අගෝස්තු 17 - JW බ්‍රෝඩ්කාස්ටිං ස්ටූඩියෝ

JW බ්‍රෝඩ්කාස්ටිං ස්ටූඩියෝ එක ආලෝකවත් කිරීමට අවශ්‍ය ලයිට් සවි කරන සේවකයන්. බෘක්ලින්වල තිබුණ ස්ටූඩියෝ එකේ තිබුණු උපකරණ සහ දේවල් තමයි වැඩි හරියක්ම මෙහෙ සවි කරලා තියෙන්නේ.

2016 අගෝස්තු 24 - වෝර්වික් වැඩබිම

විදුලි කාර්මික ශිල්පියෙක් ප්‍රධාන පිවිසුම් දොරටුව අසල LED ලයිට් තියෙන සංඥා පුවරුව සවි කරමින්. සැප්තැම්බර් 1වෙනිදා ඉඳන් ලෝක මූලස්ථානයේ අංශ වැඩි හරියකම වැඩ වෙන්නේ වෝර්වික් සංකීර්ණයේ සිටයි.