හිරගෙදරටත් ශුභාරංචිය
හැම දවසකම ඇමරිකාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට බයිබලය ගැන ඉගෙනගන්න උදව් ඉල්ලලා හිරගෙවල්වල ඉන්න අයගෙන් හුඟාක් ලිපි ලැබෙනවා.
ඒ අයව ගිහින් හම්බ වෙලා ඒ අයත් එක්ක බයිබලය පාඩම් කරන්න කියලා අපි ඒ ස්ථාන අවට තියෙන සභාවල ඉන්න අයට දැනුම් දෙනවා. ඒ නිසා හිරගෙවල්වලට, සිරකරුවන් වෙනුවෙන් හදලා තියෙන රෝහල්වලට හා සිරකරුවන් ඉන්න පුනරුත්ථාපන කඳවුරුවලට ගිහින් බයිබලය ගැන කියලා දෙන්න ඒ සභාවල්වල ඉන්න අයට පුළුවන් වෙලා තියෙනවා.
සාක්ෂිකරුවන් සභාවලදී පවත්වන රැස්වීම්, ඒ විදිහටම සමහර හිරගෙවල්වලදී පවත්වන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. උදාහරණයකට එක හිරගෙදරක තැන් දෙකකදී පවත්වපු ප්රසිද්ධ බයිබල් දේශනවලට 32ක් සහභාගි වුණා.
මේ ඉගැන්වීමේ වැඩසටහන් ගොඩක් අයගේ ජීවිතවලට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. උදාහරණයකට මිනී මැරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබුණු කෙනෙක් ඉන්ඩියානා ප්රාන්තයේ හිරගෙදරක හිටියා. ඒත් ඔහු බයිබලය ඉගෙනගත්ත නිසා ජීවිතයේ ලොකු වෙනස්කම් කරන්න ඔහුට පුළුවන් වුණා. පසුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියටත් ඔහු බව්තීස්ම වුණා.
කැලිෆෝර්නියාවේ විශාල සිරකඳවුරක සිටි කෙනෙක් කළ වෙනස්කම් ගැන ඔහුට බයිබලයේ තියෙන දේවල් ඉගැන්වූ සාක්ෂිකරුවා මෙහෙම කිව්වා. “එයා ඉස්සර මොන වගේ කෙනෙක්ද කියලා මම දැකලා තියෙනවා. ඒත් ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න කරපු වෙනස්කම් දැක්කම මට හරිම පුදුමයි.”
බයිබලයේ තියෙන ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙන එක ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් කියලා දන්නවා වුණත් සිරකඳවුරුවල ඉන්න ගොඩක් අය එහෙම කරන්න පියවර අරං තියෙනවා. උදාහරණයකට සිරගෙවල් ඇතුලේ තියෙන කල්ලිවලින් අයින් වෙන එක ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වුණත් සමහර අය එහෙම කරලා තියෙනවා. ඒ අයට ආරක්ෂාව ලබාදෙන්න තනි සිරකුටිවලට හරි වෙනත් සිරකුටිවලට හරි මාරු කරනවා.
බයිබලය නිසා මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙනවා දකින නිලධාරීන් ඒ ගැන සතුටු වෙනවා. ඒ නිසා ඔවුන් මේ අනර්ඝ සේවය අගයමින් සහතික පත් හා ස්වෙච්ඡා සේවය සඳහා දෙන සම්මානද සාක්ෂිකරුවන්ට දීලා තියෙනවා.