5වන ප්රශ්නය
බයිබලය විශ්වාස කළ හැකිද?
ඔබට කෙදිනක හෝ යම් කෙනෙක් ගැන වැරදි වැටහීමක් ඇති වී තිබෙනවාද? ඊට හේතුව ඔහු ගැන වෙන කෙනෙකු පැවසූ වැරදි තොරතුරු විය හැකියි. නමුත් ඔහු ගැන සත්‍යය දැනගත් පසු එම වැරදි වැටහීම නිවැරදි වෙන්න ඇති. බයිබලය සම්බන්ධයෙනුත් බොහෝදෙනාගේ අද්දැකීම එයයි.
සමහර දැන උගත් පුද්ගලයන් පවා බයිබලය ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන තිබෙනවා. ඊට හේතුව බයිබලය ගැන අසා ඇති වැරදි තොරතුරු විය හැකියි. උදාහරණයකට සමහර අය පවසන්නේ එය විද්‍යාවට පටහැනි පොතක් බවයි. තවත් අය එහි ඇති අදහස් විකෘති කර දක්වා තිබෙනවා. නමුත් බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඇත්තටම හෙළි වන්නේ කුමක්ද?
බයිබලයේ ඇති තොරතුරුවල සත්‍යයතාව විද්‍යාත්මක සොයාගැනීම්වලින් තහවුරු වන බව මෙම සඟරාවෙන් දැනගත් විට ඔබ ඒ ගැන පුදුම වෙන්න ඇති. එමෙන්ම බයිබලයේ සඳහන්ව තිබෙනවා කියා පවසමින් සමහර ආගම්වල උගන්වන දේවල් බයිබලයේ නැති බව දැනගැනීමෙන්ද සමහර අය පුදුම වෙනවා. උදාහරණයකට දෙවි, විශ්වය ඇතුළු එහි සිටින ජීවීන්ව නිර්මාණය කළේ පැය 24කින් යුත් දවස් හයකින් බව බයිබලයේ සඳහන් වෙනවා කියා සමහර අය පවසනවා. නමුත් බයිබලයේ එවැනි අදහසක් සඳහන් වෙන්නේ නැහැ. සමහර විද්‍යාඥයන් පෘථිවිය ඇතුළු විශ්වයේ වයස සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කර තිබෙනවා. නමුත් එවැනි අදහස් වැරදියි කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. a
මිහිමත ජීවය ආරම්භ වූයේ කෙසේද යන්න ගැන බයිබලයේ කෙටියෙන් සඳහන් වෙනවා. ඒ ගැන වැඩිදුර තොරතුරු සොයා බලා තම අදහස් ඉදිරිපත් කිරීමට විද්‍යාඥයන්ට අවස්ථාව තිබෙනවා. බයිබලයේ සඳහන් වන්නේ දෙවි “ඒ ඒ වර්ගයට අනුව” ජීවීන්ව නිර්මාණය කළ බවයි. (උත්පත්ති 1:11, 21, 24) එම අදහස සමහර විද්‍යාත්මක මතවලට පටහැනි වුණත් පිළිගත් විද්‍යාව සමඟ එකඟයි. ඉතිහාසයේ සිට මේ දක්වා විද්‍යාත්මක මත විටින් විට වෙනස් වුණත් සත්‍යය එසේ වෙනස් වන්නේ නැහැ.
තවත් අය බයිබලය විශ්වාස නොකරන්නේ දෙවිව අදහනවා කියා පවසන අයගේ හැසිරීම නිසයි. ඔවුන්ගේ කුහක, දූෂිත ක්‍රියා වගේම යුද්ධවලට උල්පන්දම් දෙන ආකාරයත් බොහෝ අය දැක තිබෙනවා. නමුත් එවැනි අයගේ හැසිරීම නිසා බයිබලය වැරදියි කියා නිගමනය කිරීම සාධාරණද? උදාහරණයකට සමහර අන්තවාදීන් පරිණාමවාදයේ සමහර අදහස් අතකොළුවක් කරගනිමින් ඉතාමත් කෲර ලෙස වෙනත් ජන පිරිස් සමූල ඝාතනය කර තිබෙනවා. එය බොහෝ මානුෂික හිතවාදී විද්‍යාඥයන්ගේ පවා දැඩි පිළිකුලට ලක් වී තිබෙනවා. පරිණාමවාදය හරිද වැරදිද කියා තීරණය කිරීමට එවැනි අයගේ ක්‍රියාවන් පදනම් කරගැනීම සාධාරණද? හොඳම දෙය වන්නේ ඒ ගැන අධ්‍යයනය කර එය පිළිගැනීමට සාක්ෂි තිබෙනවාද කියා සොයා බැලීමයි.
බයිබලය සම්බන්ධයෙනුත් එසේ කිරීමට අපි ඔබට ආරාධනා කරනවා. ක්‍රිස්තියානියැයි කියා හඳුන්වාගන්නා බොහෝ ආගම්වලින් උගන්වන දේ සහ ඇත්තටම බයිබලයේ තිබෙන දේ අතර මොන තරම් වෙනසක් තිබෙනවාද කියා දැනගැනීමෙන් ඔබ පුදුම වෙයි. යුද්ධ හා ජාති භේද ඇති කිරීමට දිරිගන්වනවා වෙනුවට බයිබලය මිනිසුන්ව දිරිගන්වන්නේ එවැනි සිතුවිලිවලින් පවා යෙසායා 2:2-4; මතෙව් 5:43, 44; 26:52) යම් දෙයක් කෙරෙහි අන්තවාදී ආකල්ප දරන්න කියාවත් සාක්ෂි නොමැතිව අන්ධ ලෙස යමක් විශ්වාස කරන්න කියාවත් බයිබලයේ දිරිගන්වන්නේ නැහැ. දෙවිට සේවය කළ යුත්තේ අවබෝධයකින් යුතුව බව එහි සඳහන් වෙනවා. (රෝම 12:1; හෙබ්‍රෙව් 11:1) එමෙන්ම අපගේ කුතුහලයට හේතු වන දේවල් ගැන සොයා බැලීම බයිබලයේ තහනම් කර නැහැ. එහි දිරිගන්වන්නේ මිනිස් වර්ගයා මෙතෙක් මුහුණ දී ඇති වැදගත්ම ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න කියායි.
වැළකී සිටීමටයි. (‘දෙවි කෙනෙක් ඉන්නවා නම් දුෂ්ට දේවල් සිදු වීමට ඔහු ඉඩහරින්නේ ඇයි’ කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? බයිබලයේ එම වැදගත් ප්රශ්නය ඇතුළු තවත් ප්‍රශ්න රැසකට පිළිතුරු සපයා තිබෙනවා. b එමනිසා සත්‍යය කුමක්ද කියා සොයා බැලීමට අපි ඔබට දිරිගන්වන්න කැමතියි. සත්‍යය දැනගැනීම ඔබගේ මවිතයට මෙන්ම ප්‍රීතියටද හේතු වෙයි. එසේ වන්නේ සැබෑ පිළිතුරු පදනම් වී තිබෙන්නේ අහඹු සිදුවීම් හෝ මති මතාන්තර මත නොව පැහැදිලි සාක්ෂි මත වීමයි.
a මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන සියල්ල ඇති වුණේ අහම්බෙන්ද? යන සඟරාව බලන්න.
b යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.