8වෙනි පාඩම
යොෂියාට හොඳ යාළුවෝ හිටියා
හොඳ දේවල් කරන එක ලේසි දෙයක්ද?— හුඟක් අය හිතන්නෙත් ඒක අමාරු දෙයක් කියලයි. යොෂියා කියන පිරිමි ළමයාටත් හරි දේ කරන්න හුඟක් අමාරු වුණා. ඒත් එයාට උදව් කරන්න හොඳ යාළුවෝ හිටියා. යොෂියා ගැනත් එයාගේ යාළුවෝ ගැනත් දැන් අපි බලමු.
යොෂියාගේ තාත්තාගේ නම ආමොන්. එයා රූපවලට වැඳපු, නරක දේවල් හුඟක් කරපු රජ කෙනෙක්. එයා මැරුණට පස්සේ යොෂියා රජ වුණා. එතකොට එයාට වයස අවුරුදු අටයි. ඔයා හිතන්නේ යොෂියාත් එයාගේ තාත්තා වගේ නරක දේවල් කළා කියලද?— නැහැ, එයා එහෙම කළේ නැහැ.
පුංචි කාලේ ඉඳන්ම යොෂියාට ඕන වුණේ යෙහෝවා දෙවි කියන දේ කරන්න. ඒ නිසා එයා යාළුවෝ විදිහට තෝරගත්තේ යෙහෝවා දෙවිට ආදරේ කරපු අයව විතරයි. ඒ අය හොඳ දේවල් කරන්න යොෂියාට උදව් කළා.
යොෂියාට හිටපු එක යාළුවෙක්ගේ නම ශෙපනියා. දෙවි උදව් කරපු නිසා ශෙපනියාට පුළුවන් වුණා ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කලින්ම කියන්න. එයා මිනිසුන්ට කිව්වා ‘රූපවලට වඳින්න එපා. එහෙම කළොත් දෙවි දඬුවම් කරයි’ කියලා. යොෂියා ශෙපනියා කියපු
දේ අහලා යෙහෝවා දෙවිට විතරයි නමස්කාර කළේ.යෙරෙමියාත් යොෂියාට හිටපු තව යාළුවෙක්. ඒ දෙන්නා එකම වයසේ. හැදුණේ වැඩුණෙත් එකම පළාතක. ඒ දෙන්නා කොච්චර හොඳ යාළුවෝ වෙලා හිටියද කියනවා නම් යොෂියා මැරුණු වෙලාවේ යෙරෙමියා එයා ගැන විශේෂ සිංදුවක් ලිව්වා. ඒකේ එයා ලිව්වේ යොෂියා නැතුව එයාට කොච්චර පාළුවක්, දුකක් දැනෙනවද කියලයි. හරි දේ කරන්නත් දිගටම යෙහෝවා දෙවි කියන විදිහට වැඩ කරන්නත් ඒ දෙන්නට දෙන්නා උදව් කරගත්තා.
යොෂියායි යෙරෙමියායි හරි දේ කරන්න දෙන්නට දෙන්නා උදව් කරගත්තා
යොෂියාගෙන් ඔයාට මොනවද ඉගෙනගන්න පුළුවන්?— පොඩි කාලේ ඉඳන්ම එයාට ඕන වුණේ හරි දේ කරන්න. යෙහෝවා දෙවිට ආදරේ කරන අයව විතරයි එයා යාළුවෝ කරගත්තේ. ඔයාත් එයා වගේද? ඔයාත් යෙහෝවා දෙවිට ආදරේ කරන, හොඳ දේවල් කරන්න ඔයාට උදව් කරන අයව විතරක් ඔයාගේ යාළුවෝ කරගන්න.