Skip to content

පටුනට යන්න

ඉහළ ස්වැනටි

ජෝර්ජියාව

ජෝර්ජියාව ගැන තොරතුරු බිඳක්

ජෝර්ජියාව ගැන තොරතුරු බිඳක්

මේ වගේ මැටි භාජනවල තමයි මිදි පැහෙන්න හරින්නේ

භූමිය නැඟෙනහිර සහ බටහිර කියලා කොටස් දෙකකට වෙන් වෙලා තියෙන ජෝර්ජියාව හිමෙන් වැසී ගිය කඳුවලින් පිරුණු රටක්. සමහර කඳු අඩි 15,000ක් විතර උසයි. එක එක පළාත්වල ඊටම ආවේණික දේශගුණයක්, චාරිත්‍ර වාරිත්‍රයන්, නැටුම් ගැයුම් සහ ආහාර වර්ගයන් තියෙනවා.

ජනයා මිලියන 3.7ක ජනගහනයෙන් වැඩි හරියක් ජෝර්ජියානුවන්.

ආගම වැඩිදෙනෙක් ඕතඩොක්ස් ආගමේ අයයි. 10%ක් ඉස්ලාම් භක්තිකයන්.

භාෂාව ජෝර්ජියන් හෝඩිය පළවෙනි සියවසටත් වඩා පරණයි කියලා ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. ජෝර්ජියන් භාෂාව ඒ අවට තියෙන රටවල භාෂාවන්ට වඩා ගොඩක් වෙනස්.

ජිවනෝපාය වැඩිදෙනෙක්ගේ රැකියාව කෘෂි කර්මාන්තයයි. මෑතක ඉඳන් සංචාරක ව්‍යාපාරය මේ රටේ ආර්ථිකයට විශාල ලෙස දායක වෙලා තියෙනවා.

දේශගුණය නැඟෙනහිර කොටසේ තියෙන්නේ සෞම්‍ය දේශගුණයක්. කලු මුහුද පිහිටලා තියෙන බටහිර කොටසේ තියෙන්නේ දොඩම් වැනි පලතුරු වගාවලට ගැළපෙන උණුසුම් දේශගුණයක්.

මිදි අස්වැන්න නෙළන කාලය

ආහාර ජෝර්ජියානුවන් වැඩියෙන්ම ආහාරයට ගන්නේ පාන්. ඒවා පුච්චන්නේ මැටි පෝරණුවේ පරණ ක්‍රමයට. ප්‍රධාන ආහාර වේලකට සාමාන්‍යයෙන් කුළු බඩු සහ කොළ වර්ග දාපු ස්ටූ ව්‍යාංජනයක් ඇතුළත් වෙනවා. ජෝර්ජියාවේ මිදි වර්ග 500ක් විතර වැවෙනවා. හුඟක් අය මිදි වගා කරලා වයින් හදනවා. සාමාන්‍යයෙන් වයින් පැහෙන්න හරින්නේ විශාල මැටි භාජනවල. ජෝර්ජියාව කියන්නේ ඈත අතීතයේ ඉඳන් වයින් සෑදීමට ප්‍රසිද්ධ රටක්.

පරණ ක්‍රමයට පාන් හදමින්