ගීතාවලිය 126:1-6
කන්ද නඟිද්දී ගයන ගීයක්.
126 වහලුන් වෙලා හිටිය සියොන් වැසියන්ව යෙහෝවා ආයෙත් ඔවුන්ගේ දේශයට ගෙනාවාම+අපිට ඒක දැනුණේ හරියට හීනයක් වගේ!
2 ඒ කාලේ අපේ හිත් සතුටින් පිරිලා ගියා.අපි සිනාසෙමින් සතුටින් කෑගැහුවා.+
එතකොට වෙනත් ජාතීන් මෙහෙම කතා වුණා.
“යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් පුදුම දේවල් කරලා!”+
3 යෙහෝවා ඇත්තටම අපි වෙනුවෙන් පුදුමාකාර දේවල් කළා.+ඒ නිසා අපිට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්!
4 නෙගෙබ්වල දිය පහරවල්* වැහි වතුරෙන් පිරිලා යනවා වගේයෙහෝවා දෙවියනි, වහලුන් වෙලා ඉන්න අපේ සෙනඟව ආයෙත් එකතු කරන්න.
5 කඳුළු සලමින් වපුරන අයප්‍රීති ඝෝෂා නඟමින් නෙළාගන්නවා.
6 කඳුළු සලමින් බීජ මල්ලක් අරගෙන පිටත්ව යන කෙනාආයෙත් එන්නේ ධාන්‍ය මිටි අරගෙන, ප්‍රීති ඝෝෂා නඟමිනුයි.+
පාදසටහන්
^ හෝ, “දකුණු දිශාවේ තියෙන නිම්න.”