ගීතාවලිය 146:1-10
146 යාහ්ට ප්‍රශංසා කරන්න!*+
මට ඕනෙ මගේ මුළු හිතින්ම යෙහෝවාට ප්‍රශංසා කරන්න.+
2 ජීවත් වෙලා ඉන්න කල් මං යෙහෝවාට ප්‍රශංසා කරනවා.
මගේ ජීවිත කාලය පුරාම මං මගේ දෙවියන්ට ප්‍රශංසා ගී ගයනවා.*
3 අධිපතීන්* ගැනවත් ගැලවීම ලබා දෙන්න බැරි මිනිසුන් ගැනවත්විශ්වාසය තියන්න එපා.+
4 ඔවුන් අවසන් හුස්ම* හෙළුවාට පස්සේ ආයෙත් දූවිල්ලටම හැරිලා යයි.+ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වෙයි.+
5 යාකොබ්ගේ දෙවියන්ගෙන් උදව් ලබන කෙනා සන්තෝෂවත්.+තමන්ගේ දෙවියන් වන යෙහෝවා ගැන බලාපොරොත්තු තියන කෙනා සන්තෝෂවත්.+
6 අහසත් පොළොවත් මුහුදත්ඒවාවල තියෙන හැම දේමත් හදපු තැනැත්තා ඔහුයි.+සදහටම විශ්වාසවන්තව ඉන්න තැනැත්තාත් ඔහුයි.+
7 අසාධාරණකම්වලට මුහුණ දුන්න අයට යුක්තිය ඉටු කරලා දෙන්නෙත්බඩගින්නේ ඉන්න අයට කෑම ලබා දෙන්නෙත් ඔහුයි.+
යෙහෝවා දෙවියන් සිරකරුවන්ට නිදහස ලබා දෙනවා.+
8 යෙහෝවා අන්ධ අයට පෙනීම ලබා දෙනවා.+කලකිරිලා ඉන්න අයට නැඟිටින්න යෙහෝවා අත දෙනවා.+ධර්මිෂ්ඨ අයට යෙහෝවා හුඟක් ආදරෙයි.
9 යෙහෝවා විදේශිකයන්ව ආරක්ෂා කරනවා.පියා නැති දරුවාටත් වැන්දඹුවටත් ඔහු උදව් කරනවා.+ඒත් දුෂ්ටයාගේ සැලසුම් ඔහු අසාර්ථක කරනවා.*+
10 යෙහෝවා සදහටම රජකම් කරනවා.+සියොන්, ඔබේ දෙවියන් පරම්පරාවෙන් පරම්පරාවට රජකම් කරනවා.
යාහ්ට ප්‍රශංසා කරන්න!*
පාදසටහන්
^ හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
^ හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”
^ හෝ, “වංශවත් අය.”
^ මූ.අ., “ජීවන හුස්ම.”
^ හෝ, “මාර්ග අවුල් කරනවා.”
^ හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.