ගීතාවලිය 38:1-22

  • වැරදි ගැන පසුතැවෙන කෙනෙක්ගේ යාච්ඤාවක්

    • “වේදනාව දරාගන්න බැරුව මම බිම වැතිරිලා ඉන්නවා” (6)

    • යෙහෝවා ගැන බලන් ඉන්න කෙනාට ඔහු උදව් කරයි (15)

    • “මං කරපු පාපය නිසා මගේ හිත මට වධ දුන්නා” (18)

මතක් කිරීමක් විදිහට දාවිත් රචනා කරපු ගීතයක්. 38  අනේ යෙහෝවා, කේන්තියෙන් ඉද්දී මට අවවාද කරන්න එපා.කේන්තියෙන් මාව හික්මවන්නත් එපා.+   ඔබේ ඊතල මගේ ඇඟ පසාරු කරගෙන ගිහින්.ඔබ මාව ඔබේ අතින් පොඩි කරලා දැම්මා.+   ඔබ දුන්න හික්මවීම නිසා මගේ මුළු ඇඟම රිදුම් දෙනවා. මං කරපු වරද නිසා මගේ හිතට* කිසිම සැනසීමක් නැහැ.+   මං කරපු වැරදි ගොඩගැහුවොත් ඒවා මගේ හිසටත් ඉහළින් තියෙයි.+ඒවා මං පිට පටවලා තියෙන ලොකු බරක් වගේ. මට ඒ බර දරාගන්න බැහැ.   මං කරපු මෝඩකම් නිසාමගේ තුවාල පැසවලා ඒවායින් දුගඳක් හමනවා.   වේදනාව දරාගන්න බැරුව මම බිම වැතිරිලා ඉන්නවා.දවස පුරාම මම දුකින් ඇවිදිනවා.   මට දැනෙන්නේ මාව* පිච්චෙනවා වගෙයි.මගේ මුළු ඇඟම ඇදුම් කනවා.+   මං ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා.මාව තළලා පොඩි කරලා දාලා වගේ. වේදනාවෙන් මමකෙඳිරිගානවා.   අනේ යෙහෝවා, මගේ හිතේ තියෙන හැම ආශාවක්ම ඔබ දන්නවා.මං සුසුම්ලන හැම වතාවකදීම ඔබට ඒක ඇහෙනවා. 10  මගේ හදවත වේගයෙන් ගැහෙනවා.මගේ ඇඟට කිසි පණක් නැහැ. මගේ ඇස් අඳුරු වෙලා ගිහින්.+ 11  මගේ යාළුවෝ මගේ විපත දැකලා මගෙන් ඈත් වෙලා ඉන්නවා.මං ළඟින්ම හිටපු අයත් දැන් මගෙන් දුරස් වෙලා. 12  මාව මරන්න හොයන අය මාව අල්ලගන්න උගුල් අටවනවා.මට හානියක් කරන්න හදන අය මාව විනාශ කරන්න කතා වෙනවා.+මාව රවට්ටලා අල්ලගන්න ඔවුන් දවස තිස්සේම කුමන්ත්‍රණය කරනවා. 13  ඒත් බිහිරි කෙනෙක් වගේ මං ඇහුණේ නැති ගාණට ඉන්නවා.+ගොළු කෙනෙක් වගේ මම කතා නොකර ඉන්නවා.+ 14  මම කන් ඇහෙන්නේ නැති කෙනෙක් වගේ ඉන්නවා.මගේ නිර්දෝෂකම ඔප්පු කරන්න කිසිම දෙයක් නොකියා ඉන්නවා. 15  යෙහෝවා, මම බලන් හිටියේ ඔබ මට උදව් කරන කල්.+යෙහෝවා මගේ දෙවියනි, මම හිතුව විදිහටම ඔබ මට උදව් කළා.+ 16  “ඔබ මගේ උදව්වට ආවේ නැත්නම් මගේ විපත දැකලා ඔවුන් සතුටු වෙයි.මගේ කකුල පැටලිලා වැටුණොත් ඔවුන් මට නින්දා කරයි” කියලා මම කිව්වා. 17  මං හිටියේ වැටෙන්න ඔන්න මෙන්න.හැම මොහොතකම මම හිටියේ හිතේ වේදනාවෙන්.+ 18  මං කරපු වරද ගැන මම හංගන්නේ නැතුව කිව්වා.+මං කරපු පාපය නිසා මගේ හිත මට වධ දුන්නා.+ 19  මගේ සතුරෝ හොඳ සවිශක්තියක් තියෙන, බලවත් අය.කිසිම හේතුවක් නැතුව මට වෛර කරන අයගේ ගාණ තව තවත් වැඩි වුණා. 20  මම ඔවුන්ට හොඳින් සැලකුවත් ඔවුන් මට සැලකුවේ නරක විදිහට.මං හරි දේ කරන්න හදද්දී ඔවුන් ඒකට බාධා කළා. 21  අනේ යෙහෝවා, මාව අත්හරින්න එපා. මගේ දෙවියනි, මගෙන් ඈත් වෙලා ඉන්න එපා.+ 22  යෙහෝවා දෙවියනි, මගේ ගැලවුම්කරු ඔබයි.+ඉක්මනින්ම මගේ උදව්වට එන්න.

පාදසටහන්

මූ.අ., “ඇටකටුවලට.”
මූ.අ., “මගේ තුනටිය.”