ගීතාවලිය 51:1-19
සංගීත අධ්යක්ෂක වෙත. බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණු දාවිත්ව හම්බ වෙන්න අනාගතවක්තෘ නාතන් ආවාට පස්සේ දාවිත් රචනා කරපු ගීයක්.+
51 අනේ දෙවියනි, ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මට අනුකම්පා කරන්න.+
ඔබේ දයාව පෙන්වලා මගේ වැරදි මකලා දාන්න.+
2 මං කරපු වැරදි හෝදලා ඒවා මගෙන් ඉවත් කරන්න.+මාව පවිත්ර කරලා මගේ පාපය අයින් කරන්න.+
3 මං කරපු වැරදි ගැන මං හොඳින්ම දන්නවා.මගේ පාපය මට නිතර නිතර මතක් වෙනවා.+
4 මම වෙන කාටවත් වඩා පව් කළේ ඔබට විරුද්ධවයි.*+මම කළේ ඔබ දුෂ්ටයි කියලා සලකන දේ.+
ඒ නිසා ඔබ මට කියපු දේ හරි.ඔබ මට දීපු විනිශ්චය සාධාරණයි.+
5 මං ඉපදෙද්දීම පව්කාරයෙක්.මව්කුසේ මාව පිළිසිඳගත්ත වෙලාවේ ඉඳන්ම මම පව්කාරයෙක්.+
6 ඔබ සතුටු වෙන්නේ අවංක හිතකින් වැඩ කරන අය ගැනයි.+ඒ නිසා ප්රඥාවන්ත හිතක් ඇති කරගන්න මට උදව් කරන්න.
7 හිසොප්වලින්* මාව පවිත්ර කරලා මගේ පාපය අයින් කරන්න.+මගේ වැරදි හෝදලා ඒවා ඉවත් කරන්න.එතකොට මං හිමවලටත් වඩා පවිත්ර* වෙයි.+
8 ආයෙත් ප්රීති ඝෝෂා හඬ අහලා සතුටු වෙන්න මට අවස්ථාව දෙන්න.එතකොට ඔබ බිඳලා දාපු මගේ ඇටකටුවලට සුවයක්* ලැබෙයි.+
9 මං අතින් වුණ පාපවලින් ඔබේ මූණ ඉවතට හරවගන්න.+මගේ හැම වරදක්ම මකලා දාන්න.+
10 අනේ දෙවියනි, පිරිසිදු හදවතක් ඇති කරගන්න මට උදව් කරන්න.+මට ඕනෙ දිගටම ඔබට විශ්වාසවන්තව ඉන්නයි.ඒ නිසා මං හිතන විදිහ නිවැරදි කරගන්න මට උදව් කරන්න.+
11 අනේ, ඔබ ඉස්සරහින් මාව පන්නලා දාන්න එපා.ඔබේ බලය මගෙන් අයින් කරන්නත් එපා.
12 ඔබ දෙන ගැලවීම නිසා දැනෙන සතුට අද්දකින්න මට ආයෙත් අවස්ථාව දෙන්න.+දිගටම ඔබට කීකරු වෙන්න මං තුළ ආශාවක් ඇති කරන්න.
13 වැරදි කරන අයට ඔබේ මාර්ග ගැන මං කියලා දෙන්නම්.+එතකොට පව්කාරයන් ආයෙත් ඔබ ළඟට හැරිලා එයි.
14 මට ගැලවීම දෙන මගේ දෙවියනි,+ අහිංසකයෙක්ගේ ලේ හලපු වරදට මට සමාව දෙන්න.+එතකොට ඔබේ ධර්මිෂ්ඨ ක්රියා ගැන සතුටින් කතා කරන්න මට පුළුවන් වෙයි.+
15 අනේ යෙහෝවා, කලින් වගේ කතා කරන්න මට ශක්තිය දෙන්න.එතකොට ඔබට ප්රශංසා කරන්න මට පුළුවන්.+
16 ඔබට ඕනෙ, පූජාවක් නෙවෙයි කියලා මම දන්නවා.+එහෙම වුණා නම් මම අනිවාර්යයෙන්ම ඔබට පූජාවක් ඔප්පු කරනවා.දවන පූජාවකිනුත් ඔබ කිසිම සතුටක් ලබන්නේ නැහැ.+
17 දෙවියනි, ඔබ පූජාවක් විදිහට පිළිගන්නේ බිඳුණු සිතක්.තැළුණු බිඳුණු හදවතක් ඔබ කවදාවත් ප්රතික්ෂේප කරන්නේ* නැහැ.+
18 ඔබේ කරුණාව පෙන්වලා සියොන් නුවරට යහපත කරන්න.යෙරුසලමේ පවුරු ආයෙත් ගොඩනඟන්න.
19 එතකොට ධර්මිෂ්ඨ අය ඔප්පු කරන පූජාවලිනුත්දවන පූජාවලිනුත් ඔබ සතුටක් ලබයි.ඔබේ පූජාසනයේ ගොනුන්වත් ඔප්පු කරයි.+
පාදසටහන්
^ මූ.අ., “මම පව් කළේ ඔබට විරුද්ධව මිසක් වෙන කාටවත් නෙවෙයි.”
^ මූ.අ., “සුදු.”
^ මේක පැළෑටි වර්ගයක් හෝ වර්ග කීපයක් වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් හඳුන්වන දේ හරියටම කියන්න බැහැ.
^ මූ.අ., “සතුටක්.”
^ හෝ, “හෙළා දකින්නේ.”