ගීතාවලිය 9:1-20
සංගීත අධ්යක්ෂක වෙත. මත්ලාබන්.* දාවිත් රචනා කරපු ගීයක්.
א [ආලෙෆ්]
9 යෙහෝවා දෙවියනි, මගේ මුළු හදවතින්ම මම ඔබට ප්රශංසා කරනවා.ඔබ කරපු හැම පුදුම ක්රියාවක් ගැනම මම දැනුම් දෙනවා.+
2 මම ඔබ නිසා සන්තෝෂයෙන් ඉන්නවා. සතුටින් ඉපිල යනවා.උසස්ම දෙවියනි, මම ඔබේ නමට ප්රශංසා ගී ගයනවා.*+
ב [බේත්]
3 මගේ සතුරන් පලා යද්දී+ඔබ ඔවුන්ට පීඩා කරලා ඔවුන්ව විනාශ කරලා දානවා.
4 මොකද මම නිර්දෝෂයි කියලා ඔබ දන්නවා.ඔබ මගේ නඩුව විසඳලා මට යුක්තිය ඉටු කරලා දෙනවා.ඔබේ සිංහාසනයේ ඉඳන් ඔබ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරනවා.+
ג [ගීමෙල්]
5 ඔබ ජාතීන්ට තදින්ම තරවටු කළා.+දුෂ්ටයන්ව විනාශ කරලා ඔවුන්ගේ නම් සදහටම මකලා දැම්මා.
6 ඔබ සතුරාව නැත්තටම නැති කළා.ඔවුන්ගේ නුවරවල් නැති නාස්ති කළා.ආයේ කවදාවත් ඔවුන් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ.+
ה [හේ]
7 ඒත් යෙහෝවා දෙවියන් සදහටම රජකම් කරයි.+හැමදාටම යුක්තිය ඉටු කරන අරමුණින්ඔහු තමන්ගේ සිංහාසනය ස්ථිරව පිහිටුවයි.+
8 පොළොවේ වැසියන්ව ඔහු ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.+ජාතීන් වෙනුවෙන් ඔහු සාධාරණ තීන්දු දෙයි.+
ו [වාව්]
9 යෙහෝවා තැළිලා පොඩි වෙලා ඉන්න අයට රැකවරණය ලබා දෙන බලකොටුවක්.*+විපත්ති කාලයේදී සුරක්ෂිත ස්ථානයක්.+
10 ඔබේ නම ගැන හොඳින්ම දන්න අය ඔබව විශ්වාස කරනවා.+යෙහෝවා දෙවියනි, ඔබව හොයාගෙන එන අයව ඔබ කවදාවත් අත්හරින්නේ නැහැ.+
ז [ෂායින්]
11 සියොන්වල වාසය කරන යෙහෝවාට ප්රශංසා ගී ගයන්න.ඔහු කරන දේවල් ගැන හැමෝටම දන්වන්න.+
12 ඔහු ලේ හලපු අයව විනාශ කරලා පීඩාවට පත් වුණ අයට යුක්තිය ඉටු කරනවා.+අසරණයන්ගේ අයැදීම් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+
ח [හෙත්]
13 අනේ යෙහෝවා, මට අනුකම්පා කරන්න.මට වෛර කරන අය මට කරන හිංසා දිහා බලන්න.මිනී වළේ දොරටු ළඟින් මාව ඇදලා මාව බේරගන්න.+
14 එතකොට සියොන් දියණියගේ දොරටු ළඟදී+ඔබ කරපු පුදුමාකාර දේවල් ගැන හැමෝටම කියන්නත්ඔබ දෙන ගැලවීම ගැන සතුටු වෙන්නත් මට පුළුවන්.+
ט [ටේත්]
15 ජාතීන් තමන් කපපු වළේම වැටිලා.ඔවුන්ගේ කකුල් ඔවුන් එළපු දැලේම පැටලිලා.+
16 යෙහෝවා දෙන තීන්දුවලින්ඔහු මොන වගේ කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා.+
දුෂ්ටයන් තමන් අටවන උගුල්වලටම අහු වෙනවා.+
හිගෙයීයන්.* (සීලාහ්)
י [යෝද්]
17 දුෂ්ටයන් දෙවියන් ඉස්සරහින් පලා යයි.දෙවියන්ව අමතක කරන ජාතීන්ට මිනී වළටම දුවන්න වෙයි.
18 දෙවියන් අසරණයන්ව අමතක කරන්නේ නැහැ.+නිහතමානී අයගේ බලාපොරොත්තුව කවදා හරි දවසක ඉටු වෙනවා.+
כ [කෆ්]
19 අනේ යෙහෝවා, නැඟිට පියවර ගන්න.ජාතීන්ව විනිශ්චය කරලා ඔවුන්ට දඬුවම් කරන්න.+
දූවිල්ලට හැරිලා යන මිනිසාට ජය ගන්න දෙන්න එපා.
20 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ හිත්වල බයක් ඇති කරන්න.+ඔවුන් නිකම්ම නිකම් දූවිලි කියලා ජාතීන්ට තේරුම්ගන්න සලස්වන්න. (සීලාහ්)
පාදසටහන්
^ “පැහැදිලි කිරීමක්” බලන්න.
^ හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”
^ හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”
^ “පැහැදිලි කිරීමක්” බලන්න.