හිතෝපදේශ 18:1-24
18 අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න කෙනා තමන්ගෙම ආත්මාර්ථකාමී ආශාවන් පස්සේ යනවා.එයා නැණවත් මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරනවා.*
2 වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න අඥානයාට කිසිම උවමනාවක් නැහැ.එයාට ඕනෙ එයාගේ හිතේ තියෙන අදහස් කියකිය යන්නයි.+
3 දුෂ්ටකම් කරන කෙනාව ලැජ්ජාවට පත් කරයි.කිසි ලැජ්ජාවක් නැතුව හැසිරෙන කෙනා නින්දාවට පත් වෙයි.+
4 මිනිසෙක්ගේ වචන ගැඹුරු ජලය වගේ.+
ප්‍රඥාව කියන උල්පතින් නොනවත්වාම දිය උනනවා.
5 දුෂ්ටයාගේ පැත්ත ගන්න එකත්+ධර්මිෂ්ඨයාට යුක්තිය ඉටු නොකරන එකත්+ වරදක්.
6 මෝඩයෙක්ගේ කතා රණ්ඩු දබරවලට මුල පුරයි.+එයා ගුටි කන්නේ එයාගෙම මෝඩ කතා නිසයි.+
7 මෝඩයාගේ කට එයාගෙම විනාශයට පාර කපයි.+එයාගේ දිව එයාටම උගුලක්.
8 බොරු කියලා අපහාස කරන කෙනාගේ වචන කෑදරකමින් ගිලලා දාන රස කෑමක් වගේ.+ඒක ගිල්ලාට පස්සේ ඇඟට හොඳින් උරාගනියි.+
9 වැඩ කරන්න කම්මැළි කෙනාදේවල් නැති නාස්ති කරන කෙනාගේ සහෝදරයෙක්.+
10 යෙහෝවාගේ නම ශක්තිමත් බලකොටුවක්.+
ධර්මිෂ්ඨයා ඒකට දුවලා ගිහින් ආරක්ෂාව ලබයි.*+
11 පොහොසතාගේ වස්තුව එයාට බලවත් නුවරක් වගේ.එයා ඒක සලකන්නේ ආරක්ෂිත පවුරක් විදිහටයි.+
12 උඩඟුකම මිනිසෙක්ගේ වැටීමට හේතු වෙයි.+නිහතමානිකම ගෞරවයට මඟ පාදයි.+
13 කාරණයකට හොඳින් සවන් දෙන්නේ නැතුව කතා කරන එක මෝඩකමක්.ඒකෙන් ඇති වෙන්නේ ලැජ්ජාවක්.+
14 හිතේ හයියෙන් දරුණු රෝගයක් වුණත් දරාගන්න පුළුවන්.+ඒත් බිඳුණු හිතක්* දරාගන්න පුළුවන් කාටද?+
15 කාරණා හොඳින් තේරුම්ගන්න කෙනා දැනුම තවත් වැඩි කරගන්නවා.+ප්‍රඥාවන්තයාගේ කන දැනුමට යොමු කරලා තියෙනවා.
16 තෑග්ගක් දෙද්දී කෙනෙක්ට විවිධ අවස්ථා විවෘත වෙයි.+ශ්‍රේෂ්ඨ අය ඉස්සරහට යන්නත් එයාට අවස්ථාව ලැබෙයි.
17 කාරණයකදී මුලින්ම කතා කරන කෙනා හරියි කියලා පෙනෙයි.+ඒත් තව කෙනෙක් ඇවිත් එයාගෙන් ප්‍රශ්න කරද්දී කාරණයේ අනිත් පැත්ත හෙළි වෙයි.+
18 දාදු දැම්මාම වාදවිවාද සමතයකට පත් වෙයි.+ඒකෙන් බලවත් සතුරන් අතරේ පවා සාමය ඇති වෙයි.
19 අමනාපයෙන් ඉන්න සහෝදරයෙක්ව දිනාගන්න එකබලකොටුවකින් වට වුණ නුවරක් අල්ලගන්නවාට වඩා අමාරුයි.+සමහර වාදවිවාද හරියට බලකොටුවක සවිමත් දොරගුලු වගේ.+
20 මිනිසෙක්ගේ කටින් පිට වෙන වචන හරියට බඩ පිරෙන්න කන කෑමක් වගේ.+කටින් පිට වෙන දේට අනුව එයාට ප්‍රතිඵල විඳින්න වෙයි.
21 කෙනෙක්ව මරලා දාන්න හරි ජීවත් කරවන්න හරි දිවට බලය තියෙනවා.+කතාවට කැමති අයට තමන් කියන දේවල ප්‍රතිඵල විඳින්න වෙනවා.+
22 හොඳ බිරිඳක් හොයාගත්ත කෙනාට ලැබිලා තියෙන්නේ වටිනා සම්පතක්.+එයාට යෙහෝවාගේ අනුමැතියත්* ලැබෙනවා.+
23 දුප්පතා දෙයක් ඉල්ලන්නේ බැගෑපත් විදිහටයි.ඒත් පොහොසතා සැරෙන් උත්තර දෙයි.
24 එකිනෙකාව නැත්තටම නැති කරලා දාන යාළුවෝ ඉන්නවා.+සහෝදරයෙක්ට වඩා විශ්වාසවන්ත යාළුවොත් ඉන්නවා.+
පාදසටහන්
^ හෝ, “හෙළා දකිනවා.”
^ ඒ කියන්නේ එයාව කාටවත් අල්ලගන්න බැරි වෙන්න උස් තැනකින් තියයි.
^ හෝ, “හැම දේම කඩන් වැටුණාම ඒක.”
^ හෝ, “ආශීර්වාදයත්.”