මුල් පිටුවෙන්
ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙමු
හැම දවසකම අපිට ලොකු සටනක් කරන්න වෙනවා. ඒ වයිරස්, බැක්ටීරියා වගේ අපේ ඇහැට නොපෙනෙන සතුරන් එක්ක. අපේ ශරීරයට ඇතුල් වෙන සමහර සතුරන් මාරාන්තික වෙන්න පුළුවන්. * ඒත් ඒ සතුරෝ අපිට හානියක් කරන්න කලින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් උන්ව විනාශ කරලා දානවා. හැබැයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා අපි ලෙඩ වෙන අවස්ථාත් තියෙනවා. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබාගන්න.
ඈත අතීතයේ ජීවත් වුණු අය නම් බැක්ටීරියා, වයිරස් වගේ දේවල් ගැන දැනගෙන හිටියේ නැහැ. ඒත් 19වෙනි සියවස වෙද්දී ලෙඩ රෝග හැදෙන්න මූලිකවම හේතු වෙන්නේ විෂබීජ කියලා විද්‍යාඥයන් හොයාගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට වසූරිය, පෝලියෝ වගේ දරුණු රෝග තුරන් කරන්න නැත්නම් බොහෝදුරට මර්දනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් මෑතක ඉඳන් කහ උණ සහ ඩෙංගු වගේ රෝග නැවත හිස ඔසවලා. එහෙම වෙන්න හේතු වෙලා තියෙන කාරණා කිහිපයක් බලන්න.
-
හැම අවුරුද්දකම මිනිසුන් මිලියන ගාණක් ලෝකේ වටේ සංචාරය කරන නිසා ලෙඩ රෝගවලට හේතු වෙන විෂබීජත් පැතිරෙනවා. එක සඟරාවක සඳහන් වුණේ රටින් රටට ගමන් කරන අය නිසා “ඕනෙම දරුණු රෝගයක් වුණත් පැතිරෙන්න පුළුවන්” කියලයි.—Clinical Infectious Diseases.
-
සමහර බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධවලට හුරු වෙලා. ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහෙම කියනවා. “වැඩි දවසක් යන්න කලින් ප්‍රතිජීවක ඖෂධවලින් මිනිසුන්ට කිසිම වැඩක් නැති වෙයි. සාමාන්‍ය ලෙඩකින් වුණත් කෙනෙක් මැරෙන්න පුළුවන්.”
-
රටක පවතින යුද්ධ සහ දුප්පත්කම වගේ දේවල්, වසංගත රෝග මර්දනය කිරීමට ආණ්ඩුවක් ගන්න වෑයම්වලට බාධාවක් වෙන්න පුළුවන්.
-
රෝගවලින් ආරක්ෂා වෙන විදිහ හුඟදෙනෙක් දන්නේ නැහැ.
සංවර්ධනය වෙමින් පවතින රටක ජීවත් වුණත් ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ කොහොමද කියලා දැන් අපි බලමු.
^ 3 ඡේ. හුඟක් ක්ෂුද්‍ර ජීවීන් ලෙඩ රෝග ඇති කරන්නේ නැහැ. මේ ලිපිවල කතා කරන්නේ ලෙඩ රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් සහ වෙනත් දේවල් ගැනයි.