Skip to content

පටුනට යන්න

අපේ විත්ති

ලීච්ටෙන්ස්ටියන්වලට යමු

ලීච්ටෙන්ස්ටියන්වලට යමු

ලීච්ටෙන්ස්ටියන් ලෝකයේ තියෙන පුංචිම රටවල් අතරින් එකක්. මේ රට තියෙන්නේ ස්විට්සර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර තියෙන සුන්දර ඇල්ප්ස් කඳුවැටියේ. රෝමයෙන් ආපු අය, ජර්මනියේ ඇලමනි ගෝත්‍රයට අයත් අය හා වෙනත් යුරෝපා රටවල්වලින් ආපු අය සියවස් ගණනාවක් තිස්සේ මේ රටේ ජීවත් වෙලා තියෙනවා. දැන් මේ රටේ ඉන්න ජනගහනයෙන් තුනෙන් දෙකක්ම ඇලමනි ගෝත්‍රයෙන් පැවතෙන අය. ඒ අයට අවුරුදු 1,500ක විතර දිගු ඉතිහාසයක් තියෙනවා.

ලීච්ටෙන්ස්ටියන්වල රාජ්‍ය භාෂාව ජර්මානු භාෂාව වුණත් මිනිස්සු ඒ භාෂාව කතා කරන විදිහ ගමින් ගමට වෙනස්. ඉරිඟුවලින් හදන “ටූර්කා-රෙබෙල්” සහ චීස් හා පාස්තා දාලා හදන “කස්නොෆ්ලේ” ඒ රටට ආවේණික රසවත් කෑම වර්ග දෙකක්.

“කස්නොෆ්ලේ”

සාම්ප්‍රදායික ඇඳුම්

හිමෙන් වැසුණු කඳුවැටි, නිල්වන් නිම්නයන්, මිදි වතු සහ වගාබිම් මේ රටට එක් කරන්නේ අපූරු සුන්දරත්වයක්. ලීච්ටෙන්ස්ටියන්වල ඕකිඩ් විශේෂයන් 50ක් විතර දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කෞතුකාගාර, රංග ශාලා හා වයින් හදන තැන් බලන්නත් ඒ රටට එන සංචාරකයන් හරි ආසයි. ග්‍රීෂ්ම කාලේදී වගේම ශීත කාලයේදීත් ඒ රටට එන සංචාරකයන්ගෙන් නම් කිසි අඩුවක් නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 1920 ගණන්වල ඉඳන් මේ රටේ සේවය කරනවා. මේ වෙද්දී සාක්ෂිකරුවන් 90දෙනෙක් විතර මේ රටේ අයට හා සංචාරකයන්ට බයිබලයේ තියෙන දේවල් උගන්වන්නේ හරිම සතුටින්.