අධ්‍යයනයට යෝජනාවක්!
යෙහෝවා ගැන අලුත් දෙයක් ඉගෙනගන්න
බයිබලේ අධ්‍යයනය කරන්න උදව් වෙන ගොඩක් දේවල් අපිට තියෙනවා. හැබැයි අපිට ඕනෙ නිකම්ම දැනුමෙන් අපේ ඔළුව පුරෝගන්න නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ ගුණාංග ගැන අලුත් දේවල් ඉගෙනගෙන ඔහුට තියෙන ආදරේ තව වැඩි කරගන්නයි අපිට ඕනේ. ඒකට බයිබලෙන් කොටසක් කියවද්දී මෙහෙම හිතන්න. ‘මං මේ කියවපු කොටසෙන් යෙහෝවා ගැන තේරුම්ගන්න පුළුවන් මොනවාද?’
උදාහරණෙකට යෙහෝවා දෙවියන්ගේ ආදරය, ප්‍රඥාව, යුක්තිය සහ බලය ගැන තව ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතන්න. හැබැයි දෙවියන්ගේ ගුණාංග ඒ හතරට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒ වෙනුවට හිත් ඇදගන්න ලස්සන ගුණාංග ගොඩක් ඔහුගේ පෞද්ගලිකත්වයේ තියෙනවා. ඒත් ඒ ගුණාංග ගැන ඉගෙනගන්න පුළුවන් කොහෙන්ද?
ඒකට ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ “යෙහෝවා දෙවි” කියන විෂය යටතේ තියෙන “යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ” කියන කොටස බලන්න. ඊටපස්සේ ඔයා බයිබලෙන් කියවන කොටසෙන් ඉස්මතු වෙන යෙහෝවාගේ ගතිලක්ෂණ ගැන ගැඹුරට අධ්‍යයනය කරන්න.