Skip to content

පටුනට යන්න

අපි මුහුණ දෙන දුක් කරදරවලට වග කියන්න ඕනෙ දෙවියන්ද?

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන්ද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.’ (යෝබ් 34:10) අපි මුහුණ දෙන දුක් කරදරවලට හේතුව දෙවියන් කියලා කොහොමටවත් හිතන්න බැහැ.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • මේ “ලෝකයේ පාලකයා” වන සාතන් තමයි අපි විඳින දුක් කරදරවලට වග කියන්න ඕනේ.—යොහන් 14:30.

  • ජීවිතයේ අපි ගන්න වැරදි තීරණ නිසාත් අපිට ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා.—යාකොබ් 1:14, 15.

දුක් කරදර කවදා හරි නැති වෙයිද?

සමහරු හිතනවා ලෝකයේ ඉන්න හැමෝම එකමුතු වුණොත් දුක් කරදර නැති කරන්න පුළුවන් වෙයි කියලා. තවත් අය කියන්නේ ලෝකයේ තත්වය හොඳ අතට හැරෙන එකක් නැහැ කියලයි. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

ළඟදීම දෙවියන් දුක් කරදර නැති කරලා දානවා. “මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • සාතන් ඇති කරලා තියෙන දුක් වේදනාවලට හේතු වෙන හැම දෙයක්ම දෙවියන් යේසුස් මාර්ගයෙන් නැති කරලා දානවා.—1 යොහන් 3:8.

  • හොඳ මිනිසුන් මේ පොළොවේ සාමයෙන් සදහටම ජීවත් වෙන්න යනවා.—ගීතාවලිය 37:9-11, 29.