වහලුන්ට නිදහසක්
බ්ලෙසිං a යුරෝපයට ආවේ එයාට රැකියාවක් දෙනවා කියන පොරොන්දුව මත. ඒත් වුණේ හීනෙකින්වත් නොහිතපු දෙයක්. දවස් දහයක් තිස්සේ එයාට ගුටිබැට දීලා, ඒ ගැන කිව්වොත් පවුලේ අයටත් කරදර වෙයි කියලා බය කරලා එයාව ගණිකා මඩමකට අරන් ගියා.
බ්ලෙසිංව යුරෝපයට ගෙන්වගන්න යූරෝ 40,000කට b වඩා වියදම් වෙලා තිබුණා. ඒ ණය ගෙවන්න හැම රෑකම යූරෝ 200ක් 300ක් විතර හොයන්න කියලා ඒ ගණිකා මඩමේ මැඩම් බ්ලෙසිංට කිව්වා. බ්ලෙසිං මෙහෙම කිව්වා. “මෙතනින් පැනලා යන්න හිතුණත් පවුලේ අයව මතක් වෙද්දී මට බයක් දැනුණා. ඒ නිසා මං මෙතනටම කොටු වුණා.” බ්ලෙසිං වගේ තවත් මිලියන 4කට වඩා වැඩිදෙනෙක් ජාත්‍යන්තර ගණිකා ව්‍යාපාරයේ ගොදුරක් වෙලා තියෙනවා.
මීට අවුරුදු 4,000කට විතර කලින් යෝසෙප් කියන තරුණයාවත් ඊජිප්තුවේ වහල්කමට විකුණුවා. මුලදී යෝසෙප්ගේ ස්වාමියා එයාට දරුණු විදිහට සැලකුවේ නැහැ. හැබැයි ඒ ස්වාමියාගේ බිරිඳ යෝසෙප් එයාව දූෂණය කරන්න හැදුවා කියලා බොරු කියපු නිසා යෝසෙප්ව හිරේ දැම්මා.—උත්පත්ති 39:1-20; ගීතාවලිය 105:17, 18.
යෝසෙප් වහලෙක් වෙලා හිටියේ ඈත අතීතයේදී. බ්ලෙසිං වහලෙක් වුණේ 21වෙනි සියවසේදී. හැබැයි ඒ දෙන්නාම ගොදුරු වුණේ ඈත අතීතයේ ඉඳන්ම මිනිසුන්ව වහලුන් විදිහට විකුණන ජාවාරමකට. මොනම විදිහකින් හරි සල්ලි හම්බ කරන අරමුණෙන් වැඩ කරන ඒ අයට මිනිසුන්ව පේන්නේ වෙළඳ භාණ්ඩ විදිහට විතරයි.
වහල් සේවයට රුකුලක් වුණු යුද්ධ
වහලුන්ව අල්ලගන්න ලේසිම ක්‍රමය වෙලා තිබුණේ යුද්ධ කරන එක. උදාහරණෙකට ඊජිප්තුවේ 3වන තට්මෝස් රජ යුද්ධයක් කරලා 90,000ක්ව වහලුන් කරගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අයව පතල්වල වැඩ කරන්නත් දේවස්ථාන, ඇළ මාර්ග හදන්නත් යෙදෙව්වා.
රෝම අධිරාජ්‍යය පැවතුණු කාලෙදීත් යුද්ධ නිසා හුඟදෙනෙක් වහලුන් වුණා. සමහර අවස්ථාවලදී මිනිසුන්ව
වහලුන් කරගන්න අරමුණෙන්ම යුද්ධ කරලත් තියෙනවා. 1වෙනි සියවස වෙද්දී රෝම ජනගහනයෙන් භාගයක් විතර හිටියේ වහලුන්. ඊජිප්තුවෙත් රෝමයෙත් වහලුන්ට සැලකුවේ අමානුෂික විදිහට. උදාහරණෙකට රෝමයේ පතල්වල වැඩ කරපු වහලුන්ට තිබිලා තියෙන්නේ අවුරුදු 30ක විතර ආයු කාලයක් විතරයි.16 සිට 19වෙනි සියවස අතර කාලයේදී අප්‍රිකාව සහ ඇමරිකානු රටවල් අතර තිබුණු ව්‍යාපාරවලින් වැඩිම මුදලක් උපයලා තිබුණේ මිනිසුන්ව වහලුන් විදිහට විකුණපු අය. “පුරුෂයන්, කාන්තාවන්, දරුවන් මිලියන 25ත් 30ත් අතර ප්‍රමාණයක් වහලුන් විදිහට විකුණලා තියෙනවා” කියලා යුනෙස්කෝ වාර්තාවක සඳහන් වුණා. අත්ලාන්තික් සාගරය හරහා ගෙනිච්ච වහලුන් සියදහස් ගාණක් අතරමඟදී මිය ගිහින් තියෙනවා. යන්තම් ජීවිතය බේරගත්ත ඔලෝඩා එක්වේනෝ ඒ ගැන කිව්වේ මෙහෙමෙයි. “මරලතෝනි දෙන ගැහැනුන්ගේ හඬවල්, මරණාසන්නව ඉන්න අය කෙඳිරිගාන හඬවල් මගේ කනේ තාමත් දෝංකාර දෙනවා.”
අතීතයේදී විතරක් නෙවෙයි, අදටත් මිලියන 21ක් විතර වහලුන් විදිහට සේවය කරනවා කියලත් එයාලට ගෙවන්නේ හරිම පුංචි මුදලක් කියලත් සමහර අයට ඒකවත් ලැබෙන්නේ නැහැ කියලත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියනවා. ඒ අය පතල්වල, රෙදිපිළි කර්මාන්තවල, ගඩොල් කර්මාන්තවල, ගණිකා මඩම්වල වගේම නිවෙස්වල වැඩ කරනවා. නීති විරෝධී වුණත් මිනිසුන්ව වහල් සේවයට යොදාගන්න එක දවසින් දවස වැඩි වෙනවා.
නිදහස වෙනුවෙන් සටන් කළ වහලුන්
වහලුන් නිදහස වෙනුවෙන් සටන් කරන්න පටන්ගත්තා. උදාහරණෙකට ක්‍රි.පූ. මුල් සියවසේදී ග්ලැඩියේටර්වරයෙක් වුණු ස්පාටකස් ඇතුළු වහලුන් 1,00,000ක් විතර රෝම අධිරාජ්‍යයට විරුද්ධව නැඟී හිටියා. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. 18වෙනි සියවසේදී හිස්පැනියෝලා කියන කැරිබියන් දූපතේ උක් වගාබිම්වල වැඩ කරපු වහලුන් එයාලගේ ස්වාමිවරුන්ට විරුද්ධව අවුරුදු 13ක්ම යුද්ධ කළා. 1804දී හයිටි රටට නිදහස ලැබුණේ ඒ නිසයි.
ඉතිහාසයේ වහල්භාවයෙන් නිදහස ලබපු අය අතරින් ඊජිප්තුවෙන් නිදහස ලබපු ඊශ්‍රායෙල්වරුන්ට විශේෂ තැනක් හිමි වෙනවා. ලක්ෂ 30ක් විතර වුණු මුළු ජාතියම වහලුන් වෙලයි හිටියේ. වහලුන් විදිහට අද්දැක්ක කුරිරුකම් නිසා ඊශ්‍රායෙල්වරු හිටියේ “අන්ත අසරණ” තත්වයක කියලා බයිබලයේ තියෙනවා. (නික්මයාම 1:11-14) ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන අඩු කරන්න එයාලට ඉපදෙන පිරිමි දරුවන්ව මරන්න කියලත් ඊජිප්තුවේ පාරාවෝ කෙනෙක් නියෝග කළා.—නික්මයාම 1:8-22.
නික්මයාම 3:7, 8) අදටත් යුදෙව්වරු හැම අවුරුද්දකම පාස්කුව පවත්වන්නේ ඔවුන් ලබපු ඒ නිදහස සමරන්නයි.—නික්මයාම 12:14.
ඊශ්‍රායෙල්වරුන් ලබපු නිදහස සුවිශේෂ එකක් වුණේ දෙවියන් ඒකට මැදිහත් වුණු නිසයි. ‘ඔවුන් විඳින වේදනාව මට තේරෙනවා, මම ඔවුන්ව ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගන්නවා’ කියලා දෙවියන් කිව්වා. (වහලුන්ට සැබෑ නිදහසක්
“අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන” දෙවි කෙනෙක් කියලත් ඔහු කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලත් බයිබලයේ සහතික කරනවා. (2 ලේකම් 19:7; මලාකි 3:6) ‘වහලුන්ට නිදහස ලැබෙන බව දේශනා කරන්නත් තැළී පීඩිතව සිටින අයව නිදහස් කරන්නත්’ යෙහෝවා දෙවියන් යේසුස්ව පොළොවට එව්වා. (ලූක් 4:18) ඒකෙන් අදහස් කළේ යේසුස් වහලුන්ව ගලවගන්න ආවා කියලද? නැහැ. යේසුස් ආවේ මිනිසුන්ට උරුම වෙලා තියෙන පාපයෙනුත් මරණයෙනුත් එයාලව ගලවගන්නයි. ඒ වගේම යේසුස් කිව්වා “සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා” කියලා. (යොහන් 8:32) ඔහු උගන්වපු සත්‍යය නිසා අදටත් මිනිසුන් විවිධ ආකාරවලින් නිදහස ලබනවා.—“ මිනිසුන් වහලුන් වෙන තවත් දෙයක්” යන කොටුව බලන්න.
යෝසෙප්ටත් බ්ලෙසිංටත් වහල්භාවයෙන් නිදහස් වෙන්න දෙවියන් උදව් කළා. බයිබලයේ උත්පත්ති පොතේ 39-41 පරිච්ඡේද කියෙව්වොත් යෝසෙප් මුහුණ දීපු දේවල් ගැන දැනගන්න පුළුවන්. බ්ලෙසිංට නිදහස ලැබුණේ කොහොමද?
යුරෝපයෙන් පිටුවහල් කළාට පස්සේ බ්ලෙසිං ස්පාඤ්ඤයට ගියා. එහෙදී එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය සාකච්ඡා කරන්න පටන්ගත්තා. එයා අලුත් රස්සාවක් හොයාගත්තා. එයා ගණිකා මඩමේ හිටිය මැඩම්ටත් කෝල් කරලා හැම මාසෙම ගෙවන්න තියෙන මුදල අඩු කරගත්තා. දවසක් මැඩම්ගෙන් එයාට කෝල් එකක් ආවා. වුණු වරදට සමාව දෙන්න කියලත් ණය මුදල ගෙවන්න ඕනෙ නැහැ කියලත් මැඩම් කිව්වා. ඒ ඇයි දන්නවද? එයාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පටන් අරන්. බ්ලෙසිං කියනවා “සත්‍යය මිනිසුන්ව නිදහස් කරන විදිහ හරිම පුදුමයි” කියලා.
දැන් අතීත ඊශ්‍රායෙල්වරු ගැන බලමු. වහලුන් විදිහට එයාලා දුක් විඳිනවා දකිද්දී යෙහෝවා දෙවිට ඒ ගැන ලොකු දුකක් දැනුණා. අදටත් ඒ වගේ අසාධාරණකම් නිසා මිනිසුන් දුක් විඳිනවා දකිද්දී ඔහුට ලොකු දුකක් දැනෙනවා. ලෝකේ පුරාම විවිධ දේවල් නිසා වහලුන් විදිහට දුක් විඳින හැමෝවම ගලවගන්න නම් මිනිස් සමාජයේ ලොකු වෙනසක් කරන්න වෙයි. හැබැයි ඒ වෙනස කරන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා ‘ඔහු දීලා තියෙන පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙන තුරු බලා සිටින්න’ අපිට පුළුවන්.—2 පේතෘස් 3:13.