ඔබගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු බයිබලයේ තියෙනවා!
ඔබගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු බයිබලයේ තියෙනවා!
▪ ප්‍රංශයේ ජීවත් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර යුවළක් දිනක් කොර්සිකා නමැති දිවයිනේ පිහිටි ඇජාසියෝ නගරයට පැමිණියා. එහි නිවාස සංකීර්ණයක බිම තිබී ඔවුන්ට ලියුම් කවරයක් හමු වුණා. එහි යූරෝ 400ක මුදලක් තිබුණා. පසුව ඔවුන් කළ දේ ගැන මෙසේ පවසනවා. “මෙම ගොඩනැඟිල්ල තුළ ලියුම් කවරයක් නැති වුණා නම් මෙම අංකයට ඇමතුමක් දෙන්න කියා ලියූ පුංචි සටහනක් අපි නිවාස සංකීර්ණයේ දැන්වීම් පුවරුවේ තැබුවා.”
පසුවදා සවස එක් කාන්තාවකගෙන් ඔවුන්ට ඇමතුමක් ලැබුණා. එම මුදල් තමන්ගේ බව ඇය ඔප්පු කළ පසු එය ලබාගැනීම සඳහා ඔවුන්ව මුණ ගැසීමට ඇය සූදානම් වුණා. තම මුදල් නැවතත් තමන්ට ලැබෙන බව දැනගැනීම ඇයව පුදුමයට පත් කළා. ඇය එම යුවළව මුණ ගැසීමට පැමිණියේ මල් පොකුරක්ද රැගෙනයි. එම කවරයේ තිබුණේ ඇගේ මාසික වැටුපයි. එය රැගෙන ඊළඟ දවසෙම මාසයක නිවාඩුවක් ගත කිරීමට යෑම සඳහා ඇය සැලසුම් කර තිබුණා.
නිවාඩුව ගත කරන අතරේදීත් ඇය මෙම යුවළට නැවතත් ස්තුති කර කාඩ්පතක් යැව්වා. නිවාඩුව ගත කර ඇය ගෙදර ආ පසු එම සාක්ෂිකාර යුවළ ඇයව හමු වීමට ගියා. එහිදී ඔවුන් පවුල් ජීවිතයට මෙන්ම එදිනෙදා ජීවිතයට අදාළ කරගත හැකි බයිබලයේ සඳහන් වටිනා තොරතුරු කිහිපයක් ඇය සමඟ සාකච්ඡා කළා. එම තොරතුරුවලට ඇගේ සිත ඇදී ගියා.
බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “ඔබේ පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කළ හැකි අයුරු” නමැති පරිච්ඡේදයේ ඇති වැදගත් තොරතුරු කිහිපයක් ඉන්පසු මෙම යුවළ ඇය සමඟ සාකච්ඡා කළා. ඒ තොරතුරු ගැන බොහෝ සෙයින් පුදුමයට පත් වූ ඇය මෙසේ පැවසුවා. “මගේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු බයිබලයේ තියෙනවානේ!” පසුව ඇය නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් ආරම්භ කිරීමට කැමති වුණා.
ඉහත සඳහන් කළ පොතේ පවුල් ජීවිතයට අවශ්‍ය උපදෙස් පමණක් නොව දෙවි හා යේසුස් පිළිබඳ සත්‍යයද පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම මරණයේදී සිදු වන්නේ කුමක්ද, දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි වැනි වෙනත් විෂයන් ගැනද සාකච්ඡා කරනවා. එම පොතෙන් පිටපතක් ලබාගන්න ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.
□ මෙහි දැක්වෙන ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.