Skip to content

පටුනට යන්න

දසදෙසින්

දසදෙසින්

“වර්ෂ 2011 මුල් කාලය වන විට ලොව පුරා බිලියන 5.4ක් ජංගම දුරකථන සම්බන්ධතා ලබාගෙන තිබුණා.”—UN CHRONICLE, U.S.A.

පසුගිය දශකය ඇතුළත “ව්‍යසනවලින් මිය ගිය සංඛ්‍යාව 7,80,000කටත් වඩා වැඩියි. ඔවුන්ගෙන් සියයට 60ක් පමණ මිය ගොස් තිබෙන්නේ භූමිකම්පා නිසයි.”—THE LANCET, BRITAIN.

“පසුගිය වසර 20 ඇතුළත රුසියානු ජාතිකයන් 8,00,000ක් පමණ දිවි නසාගෙන තිබෙනවා.”—ROSSIISKAYA GAZETA, RUSSIA.

පිලිපීනයේ, දික්කසාද වීම තහනම්. ඒ නිසා අවුරුදු 15ත් 49ත් අතර කාන්තාවන් විවාහ නොවී ‘එකට ජීවත් වීම 1993 සිට 2008 දක්වා කාලය තුළ දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා.’—THE PHILIPPINE STAR, PHILIPPINES.

ජෝර්ජියාවේ “සියයට 79.2ක්ම දුම්පානය නොකළත් එහි බලපෑමට හසු වී තිබෙනවා.” එහි අගනුවර වන ටිබ්ලිසිහි වෙසෙන දරුවන් “සියයට 87.7කට පමණ මෙය බලපා තිබෙනවා.”—TABULA, GEORGIA.

ආසියාවට එන්නේ සිරි නරඹන්නමද?

ලෝකයේ බොහෝ රටවල අය වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෙනත් රටවලට යෑම දැන් සාමාන්‍යයි. ඒ ඔවුන්ගේ රටවලදී වැය වන මුදලට වඩා ඉතාමත් අඩු මුදලට ප්‍රතිකාර ලබාගැනීමට හැකි වීමයි. එවැනි ප්‍රතිකාර සඳහා 2015 වන විට පිලිපීනයට මිලියනයක් පමණ පැමිණෙයි කියා එක් වාර්තාවක සඳහන් වෙනවා. (Business World) එවැනිම සංඛ්‍යාවක් 2020 වන විට දකුණු කොරියාවටත් පැමිණෙයි කියා සිතනවා. ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව හා තායිලන්තයද සංචාරකයන් ප්‍රතිකාර සඳහා යන ප්‍රසිද්ධ රටවල් කිහිපයක්. හෘද රෝග හා විකලාංග රෝග (ඇටවල හා මස් පිඩුවල විකෘතිතා) සඳහා වෙනත් රටවලට යන්නේ බටහිර රටවල අය පමණක් නොවෙයි. ධනවත් චීන ජාතිකයන්ද “ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෙනුම” ලබාගැනීමේ අරමුණින් ප්ලාස්ටික් සැත්කම් කරගැනීමට පැමිණෙනවා කියා වාර්තා වෙනවා.

වැඩි වැඩ ගුණ නැහැ

නව තාක්ෂණය නිසා වැඩ දෙක තුනක් එකට කරන්න දැන් බොහෝ සේවකයන් පුරුදු වී සිටිනවා. නමුත් “එසේ කිරීමෙන් එක වැඩක්වත් හරියට කෙරෙන්නේ නැහැ” කියා ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂකවරයෙක් වන ක්ලිෆර්ඩ් නාස් පවසනවා. එකවිට වැඩ කිහිපයක් කිරීමට යෑමෙන් බොහෝවිට මානසික පීඩනයට හසු වෙනවා. එවැනි අයට පහසුවෙන්ම වැඩට අදාළ නැති දේවලට සිත යොමු වෙන නිසා හොඳින් සිතා බලා වැඩ කිරීම අපහසු වෙන අතර වැදගත් දේවල් අතපසු වෙන්නත් පුළුවන්. “ඔබ යමක් කරන්න පටන්ගත්තොත් විනාඩි 20ක් යන තුරු ඒ වැඩේට පමණක් අවධානය දෙන්න. වෙන වැඩක් කරන්න එපා. එතකොට කරන වැඩේ හොඳින් කරන්න පුළුවන්” කියා ඉහත සඳහන් කළ අධ්‍යක්ෂකවරයා තවදුරටත් පවසනවා.