Skip to content

පටුනට යන්න

වැලි කතරේ ඤාව්වා

වැලි කතරේ ඤාව්වා

මාස දෙකක් පමණ ගැබ්බරව සිටින පූසියෙක් සාමාන්‍යයෙන් පැටවුන් තුන්දෙනෙක් විතර දානවා

දහවල් කාලයේ කාන්තාරය ගිනියම් වෙලා තියෙන නිසා සෑන්ඩ් කැට් කියන මේ පූස් වර්ගය එළි පහළියට බහින්නේ රාත්‍රි කාලයේදී. ගුලෙන් එළියට ඇවිත් අවට විපරම් කරන ඌ අහළ පහළ සද්ද බද්දවලටත් හොඳින් කන් දෙනවා. ඊටපස්සෙ හොර පූසෙක් වගේ හෙමින් සීරුවේ ඌ වැලි කතර හරහා පියමං කරනවා.

ඌ මීයන් වැනි කුඩා සතුන්ව දඩයම් කරන්න හරි සූරයි. මීයෙක්ව දැක්කම කුරුමානම අල්ලලා එකපාරටම උගේ ඇඟට කඩා පනිනවා. මීයාට හිතාගන්නවත් වෙලාවක් නෑ. මේ විදිහට රාත්‍රිය පුරා කරක් ගහලා දඩමස් ගිලලා බඩ කට පුරවගත්තට පස්සෙ ඉතුරු ටික වැලි අස්සෙ හංගනවා. ආයෙමත් ගුල කරා ඇදෙන්නේ අලුයම් ආලෝකය වැටෙද්දී. උන්ව දවල් කාලයේදී දකින්න ලැබෙන්නේ හාවා හඳ දකිනවා වගේ. දැන් අපි තවත් සිත්ගන්නා පූස් තොරතුරු ටිකක් බලමු.