Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

සීතට ඔරොත්තු දෙන ලේන් මොළේ

සීතට ඔරොත්තු දෙන ලේන් මොළේ

සීත කාලෙයේදී සතුන් අක්‍රියාශීලිව නිදා සිටින සමය හඳුන්වන්නේ ශිශිර තරණය ලෙසයි. ඒ කාලෙදි සතුන් ගුල්වලට වෙලා නිදාගන්න පටන්ගනිද්දී උන්ගේ ශරීරයේ උෂ්ණත්වය පහළ බහිනවා. කොතරම් පහළ බහිනවාද? ආක්ටික් ලේනුන්ගේ නම් උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ දෙකයි දශම නමය දක්වා පහළ බහිනවා. ‘ඒ වගේ සීතලකට නම් මොළෙත් ගල් ගැහෙයි’ කියලා අපිට හිතෙයි. මෙච්චර සීතලකට උන් ඔරොත්තු දෙන්නෙ කොහොමද?

මේ ගැන සිතන්න: ශිශිර තරණයේදී සති දෙකකට හෝ තුනකට වරක් උන්ගේ ශරීරයේ උෂ්ණත්වය සාමාන්‍ය තත්වයට එනම් සෙල්සියස් අංශක 36.4ට හැරෙනවා. ඒ උෂ්ණත්වය පැය 12ත් 15ත් අතර කාලයක් පවතිනවා. පර්යේෂකයන් කියන විදිහට ඒ උෂ්ණත්වය රැඳෙන්නේ කෙටි කාලයකට වුණත් එය උන්ගේ මොළේ පැවැත්මට විශාල ලෙස දායක වෙනවා. ඒ සමයේදී උන්ගේ ඇඟේ උෂ්ණත්වයට වඩා ඔළුවේ උෂ්ණත්වය ටිකක් වැඩියි. ඒ ගැන කළ අධ්‍යයනයකින් හෙළි වුණේ උන්ගේ බෙල්ලෙන් ඉහළ උෂ්ණත්වය සෙල්සියස් අංශක දශම හතෙන් පහළට බහින්නේ නැති බවයි.

ශිශිර තරණය අවසන් වුණාට පස්සෙ මේ ලේනුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්වයට පත් වෙනවා. සමහර පර්යේෂකයන් හිතන විදහට ශිශිර තරණයෙන් පසු මේ ලේනුන්ගේ මොළය කලින් තිබුණට වඩා හොඳට ක්‍රියා කරනවා. ඒ ගැන විද්වතුන් පුදුම වෙනවා. ඔවුන් මෙය සමාන කරන්නේ ලැව් ගින්නක් සිදු වෙලා දවස් කිහිපයකින් ගිනියම් වූ පොළොවෙන් අලුත් පැළ හටගැනීමේ හැකියාවටයි.

මෙම ලේනුන්ව අධ්‍යයනය කරන විද්වතුන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? මිනිස් මොළේ ක්‍රියාකාරීත්වය තවත් හොඳින් තේරුම්ගෙන ඊට තව කොතරම් හැකියාවන් තියෙනවාද කියා සොයාගැනීමයි. ඇල්ෂයිමර් වැනි මොළයේ සෛලවලට අනතුරු කරන රෝග වළක්වාගැනීමත් එවැනි රෝග සුව කරගැනීමත් ඔවුන්ගේ ඉලක්කයයි.

ඔබේ නිගමනය කුමක්ද? ආක්ටික් ලේනුන්ට සීතට ඔරොත්තු දෙන මොළය ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?