Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

ඉතාලිය

2011දී කාර්වලට වඩා වැඩි ඉල්ලුමක් තිබුණේ බයිසිකල්වලටයි. මීට ආර්ථිකය බිඳ වැටීම, ඉන්ධන මිල ඉහළ යෑම සහ කාර් නඩත්තු කිරීමට වැඩි මුදලක් වැය වීම වගේ දේවල් හේතු වෙන්න ඇති කියා සිතනවා. ඒත් බයිසිකලයක් නඩත්තු කරන්නත් ලේසියි, සාක්කුවටත් වාසියි, ගමනත් පහසුයි.

ආර්මේනියාව

හමුදා අධීක්ෂණය යටතේ අනිවාර්යය සේවය ප්‍රතික්ෂේප කිරීම නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 17දෙනෙක්ව ආර්මේනියා රජය විසින් සිරභාරයට ගත්තා. නමුත් මානව හිමිකම් පිළිබඳව යුරෝපීය අධිකරණය එය මානව හිමිකම් උල්ලංගනය කිරීමක් කියා තීන්දු කළා. තරුණයන්ට සිදු වූ අලාභය හා නඩු ගාස්තු ගෙවන්න කියාත් ආර්මේනියා රජයට පැවසුවා.

ජපානය

දරුවන් අපරාධවලට ගොදුරු වෙන්න මිතුරු සමාජ වෙබ් අඩවිත් දායක වෙලා. ගොදුරු වූ දරුවන්ගෙන් සියයට 63ක්ම කිව්වේ එවැනි අනතුරු ගැන දෙමාපියන් එයාලව දැනුවත් කළේ නැහැ කියලයි. සොයා බැලූ සිද්ධීන් 599කට අදාළ පුද්ගලයන්ගෙන් සියයට 74ක්ම කිව්වේ එවැනි වෙබ් අඩවිවල ඔවුන් සැරිසරන්නෙ දරුවන්ව ලිංගික අපචාරයට යොදාගන්න කියලයි.

චීනය

අලුතෙන් වාහන ලියාපදිංචිය අවම කිරීමෙන් ප්‍රධාන නගරවල වාහන තදබදය අඩු කිරීමට පියවර අරං. නිදසුනකට බීජිවල වසරකට වාහන 2,40,000කට වඩා ලියාපදිංචි කරන්නේ නැහැ. ලොතරැයි ක්‍රමයට වාහන ලියාපදිංචි කිරීමට 2012 අගෝස්තු මාසයේ අවස්ථාව ලැබුණේ වාහන 19,926කට විතරයි. නමුත් මිලියනයකට වඩා ඒ සඳහා ඉල්ලුම් කර තිබුණා. ඒ කියන්නෙ වාහන 53කින් එකකටයි අවස්ථා ලැබුණේ.