ඔබ ගොඩනඟන්නේ වැලි මතද පර්වතය මතද?
ඔබ ගොඩනඟන්නේ වැලි මතද පර්වතය මතද?
ඔබ නිතිපතා බයිබලය කියවන කෙනෙක්ද? නැතිනම් ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරන කෙනෙක්ද? එසේනම් පොළොවේ මෙතරම් ප්‍රශ්න ගැටලු තිබීමට හේතුව ඔබ දැනටමත් වටහාගෙන ඇති. (එළිදරව් 12:9, 12) එමෙන්ම දුක් කරදරවලට මුහුණ දෙන විට ඒවා දරාගන්නත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්නත් බයිබලයේ සඳහන් වදන් ඔබට උපකාරවත් වී ඇති.—ගීතාවලිය 145:14; 147:3; 2 පේතෘස් 3:13.
යේසුස්ගේ අනුගාමිකයන් වීමට කැමති අය බයිබලය අධ්‍යයනය කර එයින් නිවැරදි දැනුම ලබාගත යුතුයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. පීඩා හමුවේ පවා යේසුස්ව අනුකරණය කරන සැබෑ ක්‍රිස්තියානියෙකු ලෙස කටයුතු කිරීමට කළ යුතු තවත් වැදගත් දෙයක් තිබෙනවා. එය දැනගැනීම සඳහා යේසුස්ගේ ප්‍රසිද්ධ දේශනයක් වන කන්ද උඩ දේශනයට අපේ අවධානය දෙමු.—මතෙව් 5:1, 2.
ගෙවල් දෙකක්
ශුද්ධ බයිබලයේ මතෙව් හා ලූක් යන සුවිශේෂ පොත් දෙකේ වාර්තා වී තිබෙන යේසුස්ගේ කන්ද උඩ දේශනය ගැන ඔබ අසා තිබෙනවාද? (මතෙව් 5:1–7:29; ලූක් 6:20-49) එම වාර්තා විනාඩි 20ක් වැනි කෙටි කාලයකින් කියවිය හැකියි. නමුත් පැරණි ගිවිසුමෙන් කරන ලද උපුටා දැක්වීම් 20ක් හා භාෂාලංකාරමය ලෙස යොදා තිබෙන උපහැරණ 50කටත් වඩා වැඩියෙන් එහි සඳහන් වෙනවා. එහිදී යේසුස් පැවසූ අවසන් උපහැරණය ගැන අපි දැන් සලකා බලමු. එම උපමාවේ අර්ථය ඔබ අවබෝධ කරගතහොත් ඕනෑම දුෂ්කර තත්වයක් යටතේ දිගටම යේසුස්ගේ අනුගාමිකයෙක් ලෙස ක්‍රියා කිරීමට එය ඔබට උපකාරවත් වේවි.
යේසුස් පැවසුවේ මෙයයි. “මාගේ මේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙකුවම, පර්වතය මත තම ගෙය ගොඩනැඟූ නුවණැති මිනිසෙකුට සමාන කරනු ලැබේ. වැසි වැස, ගංවතුර ගලා, තදින් සුළං හමා, ඒ ගෙට ගැසීය. නමුත්, එය පර්වතය මත පිහිටා තිබුණු බැවින් බිඳ වැටුණේ නැත. තවද, මාගේ මේ වචන අසා ඒවා පිළි නොපදින සෑම කෙනෙකුවම, වැලි මත තම ගෙය ගොඩනැඟූ නුවණ නැති මිනිසෙකුට සමාන කරනු ලැබේ. වැසි වැස, ගංවතුර ගලා, තදින් සුළං හමා, ඒ ගෙට ගැසීය. එය බිඳ වැටිණ. එහි කඩා වැටීමද මහත් විය.”—මතෙව් 7:24-27.
පර්වතය සොයා ගැඹුරටම හෑරූ කෙනෙක්
ඉහත උපමාවේ සඳහන් ගෙවල් ගොඩනැඟූ පුද්ගලයන් දෙදෙනාගෙන් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වූ පාඩම කුමක්ද? යේසුස් පැවසූ ලෙස එම ගෙවල් දෙකම එක හා සමාන ව්‍යසනයකට ලක් වුණා. සමහරවිට එම ගෙවල් දෙකටම එක හා සමාන පෙනුමක් තිබෙන්න ඇති. එමෙන්ම ඒවා එකම බිම් පෙදෙසක ඉදි කර තිබෙන්නත් ඇති. නමුත් ඉන් එක් ගෙයක් ඉදි කර තිබුණේ වැලි මතයි. අනික් ගෙය ඉදි කර තිබුණේ පර්වතයක් මතයි. ලූක්ගේ සුවිශේෂයේ පෙන්නුම් කරන ආකාරයට නුවණැති තැනැත්තා පර්වතය මතු වෙන තුරුම පොළොව “ගැඹුරට හාරා” ඒ මත තම ගෙය ඉදි කළා. (ලූක් 6:48) ඒ නිසා ඔහුගේ ගෙය කඩා වැටුණේ නැහැ.
එම උපමාවෙන් යේසුස් උගන්වන්න හදන පාඩම කුමක්ද? ඔහු ඒ උපමාව පැවසුවේ නිවසකට තිබිය යුතු පෙනුම, ඉදි කළ යුතු ස්ථානය හෝ ඉදි කිරීමට යොදාගත යුතු අමුද්‍රව්‍ය ගැන කියා දීමට නොවෙයි. ඒ වෙනුවට ඔහු ඉන් කාවැද්දවීමට උත්සාහ කළේ නිවස ඉදි කළ අය කටයුතු කළ ලූක් 6:46-48.
ආකාරයයි. ඔහු පැවසූ ලෙස එක් අයෙක් ගැඹුරටම හාරා ගෙය ඉදි කළත් අනික් තැනැත්තා එසේ කළේ නැහැ. ගැඹුරටම හාරා නිවස ඉදි කළ බුද්ධිමත් තැනැත්තා මෙන් ක්‍රියා කිරීමට ඔබට හැක්කේ කෙසේද? ඒ සඳහා යේසුස් පැවසූ මේ වදන් ඔබට උපකාරවත් වේවි. ‘ඔබ මා කියන දේවල් නොකර මට ස්වාමිනි! ස්වාමිනි! කියන්නේ මන්ද? මා වෙත ඇවිත් මාගේ වදන් අසා ඒවා පිළිපදින සෑම කෙනෙකුම සමාන වන්නේ කාටදැයි මම ඔබට පෙන්වන්නෙමි. ඔහු ගැඹුරට හාරා පර්වතය මත අත්තිවාරම දැමූ’ මිනිසාට සමානයි.—නිකම්ම බයිබල් ඉගැන්වීම්වලට සවන් දීම හෝ බයිබලය කියවීම සමාන කළ හැක්කේ කිසිම වෙහෙසක් නොදරා වැලි මත ගොඩනැඟූ ගෙයටයි. ඊට වෙනස්ව බයිබලයේ සඳහන් ප්‍රමිති ඉගෙනගෙන ඒවා ජීවිතයට අදාළ කරගැනීම සඳහා මහත් වෑයමක් දැරිය යුතුයි. එය පර්වතය මතු වන තෙක් පොළොව ගැඹුරට හැරීම හා සමානයි.
ඔබ ඕනෑම තත්වයක් යටතේ නොසැලී යේසුස්ගේ අනුගාමිකයෙක් ලෙස ක්‍රියා කරනවාද නැද්ද කියා තීරණය වෙන්නේ බයිබල් ප්‍රතිපත්ති ඔබේ ජීවිතයට කොතරම් හොඳින් අදාළ කරගන්නවාද යන කාරණය මතයි. ඔබ බයිබලයේ ඇති උසස් ප්‍රමිති අනුව ජීවත් වුණොත් ගැඹුරට හාරා පර්වතය මත ගෙය ඉදි කළ බුද්ධිමත් තැනැත්තාට ඔබ සමාන වෙනවා. බයිබලය අධ්‍යයනය කරන සියලුදෙනා තමන්ගෙන්ම මෙසේ අසාගැනීම වැදගත්. ‘මම සවන් දෙන්නෙක් පමණද? නැතිනම් ඉගෙනගන්නා දේ ක්‍රියාවට නඟන කෙනෙක්ද? මම නිකම්ම බයිබලය කියවන කෙනෙක්ද? එසේ නැතිනම් මම ජීවිතයේ විවිධ තීරණ ගන්නා විට එහි ඇති උපදෙස් අදාළ කරගන්නවාද?
බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵල
හෝසේ නම් තරුණයාගේ අද්දැකීම සලකා බලන්න. හෝසේගේ කුඩා කාලයේදී ඔහුගේ දෙමව්පියන් ඔහුට බයිබල් ප්‍රතිපත්ති කියා දුන්නා. නමුත් හෝසේ ඒවා ජීවිතයට අදාළ කරගත්තේ නැහැ. ඒ ගැන ඔහුම මෙසේ පවසනවා. “මම ගෙදරින් පිට වුණාට පස්සේ හොඳ ජීවිතයක් ගෙවන්න උත්සාහ කළා. ඒත් මම ආශ්‍රය කළේ නරක අයව. ඒ නිසා වැඩි කල් යන්න කලින් මම මත්ද්‍රව්‍ය ගන්නත් අනාචාරයේ යෙදෙන්නත් රණ්ඩුවලට පැටලෙන්නත් පටන්ගත්තා.”
කාලයත් සමඟ හෝසේ තමන් ගත කරමින් සිටි ජීවිතය වෙනස් කරමින් බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ඒ ගැන හෝසේ මෙසේ පවසනවා. “මට මගේ ජීවිතය වෙනස් කරගන්න උපකාරවත් වුණේ යේසුස් කන්ද උඩ දේශනාවේදී පැවසූ දේවල් කියවා තේරුම්ගැනීමයි. ඒත් මගේ ජීවිතය වෙනස් කරගන්න එක ලේසි වුණේ නැහැ. මගේ ‘යාළුවෝ’ මං ගැන මොනවා හිතයිද කියලා මම භය වුණා. කොහොමවුණත් මම බොරු කියන එකයි, අසභ්‍ය වචන පාවිච්චි කරන එකයි අතහැරලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්තා. සරල ජීවිතයක් ගත කරමින් බයිබල් ප්‍රමිති ජීවිතයට අදාළ කරගන්නවා නම් සැබෑ සතුට අද්දකින්න පුළුවන් කියා යේසුස් පැවසූ වදන් සත්‍යයක් බව මම අද්දැක්කා.”—මතෙව් 5:3-12.
ලූක් 6:48) ඇත්තෙන්ම ඔබ බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්නවා නම් සැඩ පහරක් බඳු පීඩා හමුවේදී පවා දිගටම ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව සිටීමට හැකි වෙනවා.
පොළොව ගැඹුරට හාරා පර්වතය සොයනවා හා සමානව ඔබ බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්නවා නම් එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද? යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “ගංවතුර ගලා සැඩ පහර ඒ ගෙට ගැසූ නමුත්, ගෙය සෙලවීමට හැකියාවක් එයට නොවීය. මන්ද ඒ ගෙය හොඳින් ගොඩනඟා තිබුණේය.” (බයිබල් ප්‍රමිති ජීවිතයට අදාළ කරගන්නා අය අද්දකින තවත් ආශීර්වාදයක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘වචනය අසන්නෝ පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න. නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය දෙස හොඳින් බලා දිගටම එහි පවතින තැනැත්තා, අසා අමතක කරන්නෙකු නොව, පිළිපදින්නෙකු වන හෙයින්, එය පිළිපැදීමෙන් ඔහුට සන්තෝෂය ලැබෙන්නේය.’—යාකොබ් 1:22-25.
බයිබල් ප්‍රමිති ජීවිතයට අදාළ කරගන්නා අය ජීවිතය සතුටින් ගත කරනවා. එමෙන්ම පීඩා හමුවේ පවා දෙවිට පක්ෂව කටයුතු කිරීමට එයින් ඔවුන්ට හැකි වෙනවා.
ඔබේ තීරණය කුමක්ද?
කන්ද උඩ දේශනාවේදී යේසුස් පැහැදිලි කළේ කෙනෙක් දෙවිට සේවය කරනවාද නැද්ද කියා නිශ්චිතවම තීරණය කළ යුතු බවයි. එය පහදා දීමට ඔහු භාවිත කළ උදාහරණ තුනක් සලකා බලන්න. පුද්ගලයෙක් සරල ඇසක් ඇතුව හෝ දුෂ්ට ඇසක් ඇතුව සිටිය යුතුයි. කෙනෙක් පුළුල් මාර්ගයේ හෝ පටු මාර්ගයේ ගමන් කළ යුතුයි. කෙනෙක් දෙවිට සේවය කළ යුතුයි නැතිනම් මුදලට සේවය කළ යුතුයි. (මතෙව් 6:22-24; 7:13, 14) අපි මෙතෙක් සලකා බැලූ උපමාව අවසානයේදීද යේසුස් තම අනුගාමිකයන් ගත යුතු තවත් නිශ්චිත තීරණයක් ගැන පැවසුවා. ඒ ඥානවන්ත ලෙස ක්‍රියා කරනවාද නැතිනම් අඥාන ලෙස ක්‍රියා කරනවාද යන්න ගැනයි.
ඔබ බයිබලයෙන් ඉගෙනගන්නා දේවල් කැමැත්තෙන්ම ජීවිතයට අදාළ කරගන්නවා නම් ඔබ ක්‍රියා කරන්නේ ඥානවන්ත ලෙසයි. එසේ කිරීමෙන් ඔබට දැනුත් මතුවටත් ආශීර්වාද රැසක් අද්දැකීමට හැකි වේවි!—හිතෝපදේශ 10:25.
[30වන පිටුවේ පින්තූර]
නොසැලී සිටීමට නම් බයිබලයෙන් ඉගෙනගන්නා දේවල් ක්‍රියාවට නැංවිය යුතුයි