Skip to content

පටුනට යන්න

දෙවි සෑම ආගමක්ම පිළිගන්නවාද?

දෙවි සෑම ආගමක්ම පිළිගන්නවාද?

දෙවි සෑම ආගමක්ම පිළිගන්නවාද?

බොහෝදෙනා පවසන්නේ . . .

▪ “හැම ආගමක්ම මඟ පෙන්වන්නේ දෙවි වෙතටයි.”

▪ “අවංකව ජීවත් වෙනවා නම් මොන ආගම ඇදහුවත් කමක් නැහැ.”

යේසුස් පැවසුවේ . . .

▪ “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්ය, බොහෝ ඉඩ කඩද ඇත. එයින් ඇතුල් වන්නෝද බොහෝය. නමුත් ජීවනය කරා යන පාර අවහිරය, එහි දොරටුව පටුය. එය සොයාගන්නේ ස්වල්පදෙනෙකුය.” (මතෙව් 7:13, 14) යේසුස් එසේ පැවසුවේ සෑම ආගමක්ම දෙවි වෙතට මඟ පෙන්වන්නේ නැති නිසයි.

▪ “ඒ දවසේදී බොහෝදෙනෙක්, ‘ස්වාමිනි, ස්වාමිනි, අපි ඔබේ නාමයෙන් අනාවැකි නොකීවෙමුද? ඔබේ නාමයෙන් භූතයන් දුරු නොකළෙමුද? ඔබේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළෙමුද?’ යයි මාගෙන් අසන්නෝය. එවිට මම, ඔබව කිසි කලක නොහැඳින්නෙමි! නීති විරෝධී ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්නයයි ඔවුන්ට ප්‍රකාශ කරමි.” (මතෙව් 7:22, 23) යේසුස්ව අනුගමනය කරනවා කියා පවසන බොහෝ ආගම් තිබුණත් යේසුස් ඒ සෑම ආගමක්ම පිළිගන්නේ නැහැ.

බොහෝ භක්තිවන්ත මිනිසුන් ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හා චාරිත්‍ර වැදගත් කොට සලකනවා. නමුත් ඒ දේවල් දෙවිගේ වචනය වන බයිබලයට එකඟ නැත්නම් තත්වය කුමක්ද? මිනිස් සම්ප්‍රදායන් අනුගමනය කළ ආගමික නායකයන්ට යේසුස් පැවසුවේ ‘ඔබේ සම්ප්‍රදාය නිසා දෙවිගේ වචනය ඔබ අවලංගු කර තිබෙනවා’ කියායි. යේසුස් එසේ පැවසීමෙන් පසුව ඔහු දෙවි පවසා තිබූ මේ දේත් උපුටා දැක්වූවා. “මේ ජනයා තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් බොහෝ ඈත්ව තිබේ. ඔවුන් මට කරන්නාවූ නමස්කාරයෙන් පලක් නැත. මන්ද, ඔවුන් මූලික ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥාය.”—මතෙව් 15:1-9; යෙසායා 29:13.

අද බොහෝදෙනාට ආගමක් තිබුණත් ඔවුන් ඉගෙනගන්නා දේට අනුව ජීවත් වෙන්නේ නැහැ. සමහර අය ‘දෙවිව දන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත්, ඔවුන්ගේ ක්‍රියාවලින් දෙවිව ප්‍රතික්ෂේප කරන’ බව බයිබලයේ සඳහන් වෙනවා. (තීතස් 1:16) එමෙන්ම ඔවුන් “දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය. තවද ඔවුහු යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් නොවන්නෝය. ඔවුන්ගෙන් අහක් වෙන්න” කියාද බයිබලයේ අපට උනන්දු කරනවා.—2 තිමෝති 3:4, 5.

පුද්ගලයෙක් මහත් භක්තියකින් තමන්ගේ ආගමික වත්පිළිවෙත් පැවැත්වූවත් ඊට වඩා වැඩි යමක් අවශ්‍යයි. ඊට හේතුව ඔවුන් මහත් භක්තියකින් යුතුව කරන දේවල් දෙවිගේ කැමැත්තට එකඟ නොවීමට ඉඩ තිබීමයි. ඒ නිසා දෙවි ගැන නිවැරදි දැනුම ලබාගැනීම ඉතාමත් වැදගත්. (රෝම 10:2, 3) පුද්ගලයෙක් බයිබලයේ සඳහන් ප්‍රමිතිවලට එකඟව දෙවිට නමස්කාර කරනවා නම් ඒ තුළින් දෙවිව සතුටු කිරීමට හැකි වෙනවා. (මතෙව් 7:21) ඉන් පැහැදිලි වන්නේ දෙවි ගැන නිවැරදි දැනුම ලබාගෙන ඒ දැනුමට එකඟව ක්‍රියා කිරීම ඉතා වැදගත් බවයි.—1 යොහන් 2:17.

දෙවි ගැන බයිබලයේ සඳහන් තවත් තොරතුරු දැනගැනීමට ඔබ කැමති නම් අය කිරීමකින් තොරව කරන බයිබල් පාඩමක් සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමුවන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි ගැන නිවැරදි දැනුම ලබාගෙන ඒ දැනුමට එකඟව ක්‍රියා කිරීම ඉතා වැදගත්