Skip to content

පටුනට යන්න

සැබෑ දෙවි කවුද?

සැබෑ දෙවි කවුද?

සැබෑ දෙවි කවුද?

ඇතැම් අය දෙවි කෙනෙකු සිටින බව විශ්වාස කළත් දෙවි ගැන ඔවුන්ට නිවැරදි අවබෝධයක් නැහැ. ඔබේ තත්වය කුමක්ද? ඔබට සැබෑ දෙවි ගැන නිවැරදි අවබෝධයක් තිබෙනවාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඔබට හැකිද?

1. දෙවි සැබෑ පුද්ගලයෙක්ද?

2. දෙවිට නමක් තිබෙනවාද?

3. යේසුස් සියලු බලැති දෙවිද?

4. දෙවි අප ගැන සැලකිලිමත්ද?

5. දෙවි සෑම නමස්කාර ක්‍රමයක්ම පිළිගන්නවාද?

ඔබ අන් අයගෙන් මෙම ප්‍රශ්න ඇසුවොත් ඔවුන් ඒවාට විවිධාකාර පිළිතුරු සපයයි. එයට හේතුව දෙවි ගැන වැරදි ඉගැන්වීම් මිනිසුන් අතර ප්‍රචලිතව තිබීමයි.

පිළිතුරු දැනගැනීම වැදගත් ඇයි?

එක් අවස්ථාවකදී යේසුස් ළිඳක් අසල සිටි ස්ත්‍රියකට දෙවි පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීමේ ඇති වැදගත්කම ගැන කියා දුන්නා. එම ස්ත්‍රියට දෙවි කෙරෙහි විශ්වාසයක් තිබුණත් දෙවි ගැන නිවැරදි අවබෝධයක් තිබුණේ නැහැ. යේසුස් ඇයට මෙසේ පැවසුවේ ඒ නිසයි. “ඔබ නමස්කාර කරන දෙය කුමක්දැයි ඔබ නොදන්නහුය.” (යොහන් 4:19-22) දෙවි කෙනෙක් සිටින බව විශ්වාස කළ පමණින් දෙවි ගැන නිවැරදි අවබෝධයක් ලබාගත නොහැකි බව යේසුස් වටහාගෙන තිබුණා.

යේසුස් තවදුරටත් එම ස්ත්‍රියට පැහැදිලි කළේ සැබෑ නමස්කාරකයන් දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව ඔහුට නමස්කාර කරන බවයි. එමෙන්ම “පියාණන් තමන්ට නමස්කාර කරන පිණිස එබඳු අයව සොයන්නේය” කියාත් යේසුස් ඇයට පැවසුවා. (යොහන් 4:23) එසේනම් ඔබත් සැබෑ දෙවි ගැන දැනුම ලබාගෙන ඊට එකඟව දෙවිට නමස්කාර කරනවාද?

දෙවි ගැන නිවැරදි දැනුම ලබාගැනීම කොතරම් වැදගත්ද කියා යේසුස් එක් අවස්ථාවකදී දෙවිට කළ යාච්ඤාවකින් පෙනී යනවා. ඔහු පැවසුවේ මෙයයි. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) ඇත්තෙන්ම ඔබේ ජීවිතය රඳා පවතින්නේ දෙවි ගැන නිවැරදි දැනුම ලබාගැනීම මතයි.

ඔබට දෙවි ගැන සත්‍යය දැනගත හැක්කේ කෙසේද? එය කළ හැක්කේ දෙවිගේ පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූ දේවල් අධ්‍යයනය කිරීමෙනුයි. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 14:6) තවත් අවස්ථාවක ඔහු මෙසේද පැවසුවා. “පුත්‍රයා හැර අන් කිසිවෙකු පියාණන් කවුදැයි හඳුනන්නේ නැත. තවද පුත්‍රයා විසින් පියාව එළිදරව් කිරීමට කැමති යමෙකු වේද ඔහුත් හැර අන් කිසිවෙකු පියාණන් කවුදැයි හඳුනන්නේ නැත.”—ලූක් 10:22.

යේසුස් ඉගැන්වූ දේවල් අධ්‍යයනය කරමින් අපි දෙවි ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්නවා නම් යේසුස්ගේ මේ වදන් අපි සම්බන්ධයෙන් සැබෑවක් වේවි. “ඔබ මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබවින්ම ඔබ මාගේ ගෝලයෝය. ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත.”—යොහන් 8:31, 32.

මෙම ලිපියේ මුලින් සඳහන් කර ඇති ප්‍රශ්න පහ යේසුස්ගෙන් ඇසුවා නම් ඔහු ඊට කෙසේ පිළිතුරු දෙයිද?

[4වන පිටුවේ පින්තූරය]

ඔබ නමස්කාර කරන්නේ නොදන්නා දෙවි කෙනෙකුටද?