Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දේවරාජ්‍යය ගැන ඔබ උනන්දු විය යුතුද?

දේවරාජ්‍යය ගැන ඔබ උනන්දු වෙන්න ඕන ඇයි?

දේවරාජ්‍යය ගැන ඔබ උනන්දු වෙන්න ඕන ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය ගැන විශේෂ උනන්දුවක් දක්වනවා කියලා කලින් ලිපි දෙකෙන් ඔබ දැනගන්න ඇති. අනාගතයේදී දේවරාජ්‍ය පාලනය යටතේදී ලැබෙන ආශීර්වාද අද්දකින්න ඔබත් කැමති ඇති. ඒත් ඇත්තටම ඒවා ඉටු වෙයිද කියලා කල්පනා කරනවාත් ඇති.

යම් දෙයක් පිළිගන්න කලින් හොයලා බලන එක ඥානවන්ත දෙයක්. (හිතෝපදේශ 14:15) එහෙම කරනවා නම් ඔබත් අතීතයේ බෙරීය නුවරේ හිටිය අය වගේ කියලා කියන්න පුළුවන්. * ඔවුන්ට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මුලින්ම දැනගන්න ලැබුණාම ඔවුන් ඒක පිළිගත්තත් “තමන් ඇසූ දේවල් සැබෑද” කියලා ලියවිලිවලින් හොයලා බැලුවා. (ක්‍රියා 17:11) දේවරාජ්‍යය ගැන ඒ ශුභාරංචිය ඇත්තටම දෙවිගේ වචනයට එකඟයි කියන එක ඔවුන් තහවුරු කරගත්තා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට උනන්දු කරන්නෙත් ඒ දේම කරන්න කියලයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය ගැන විශ්වාස කරන දේ බයිබලයට එකඟද කියලා නොමිලේ පවත්වන බයිබල් පාඩම් මාර්ගයෙන් හොයලා බලන්න ඔබට පුළුවන්.

දේවරාජ්‍යය ගැන විතරක් නෙමෙයි පහත තියෙන වැදගත් ප්‍රශ්නවලටත් බයිබලයෙන් උත්තර දැනගන්න පුළුවන්.

බයිබලය ඉගෙනගන්නවා නම් ඒවාට උත්තර දැනගන්නවාට වඩා වැඩි දෙයක් ලැබෙනවා. “දෙවිට ළං වෙන්න” පුළුවන් වෙනවා. වැදගත්ම දේ ඒකයි. (යාකොබ් 4:8) ඔබ දෙවියන්ට ළං වෙද්දී දේවරාජ්‍යය මගින් දැනටත් සදහටත් ලැබෙන ආශීර්වාද ගැන අවබෝධයක් ලැබෙයි. එක අවස්ථාවකදී යේසුස් මෙහෙම යාච්ඤා කළා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.”—යොහන් 17:3.

 

^ 4 ඡේ. බෙරීය නුවර පුරාණ මැසිඩෝනියාවේ නුවරක්.