Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

මැරුණ අය ආයෙත් ජීවත් වෙයිද?

සියල්ලේ නිර්මාතෘට නැවත ජීවනය ලබා දෙන්න හැකියාව තියෙනවා

යෙහෝවා දෙවියන් ජීවිතයේ උල්පතයි. (ගීතාවලිය 36:9) එහෙමනම් මැරුණ අයට නැවත ජීවනය දෙන්න දෙවියන්ට පුළුවන් කියලා හිතන එක සාධාරණ නැද්ද? අනාගතයේදී දෙවියන් එහෙම කරනවා කියලා බයිබලයේ සහතික කරනවා. (ක්‍රියා 24:15 කියවන්න.) ඔහු ඒ පොරොන්දුව දීලා තියෙන්නේ ඇයි?

දෙවියන්ගේ අරමුණ වුණේ මිනිසුන් සදහටම පොළොවේ ජීවත් වෙනවා දකින්නයි. (උත්පත්ති 1:31; 2:15-17) ඔහුගේ අරමුණ වෙනස් වෙලා නැහැ. අද අපි අද්දකින දුක් කරදර ගැනත් අපේ ජීවිත කොච්චර කෙටිද කියන එක ගැනත් දෙවියන් දුක් වෙනවා.—යෝබ් 14:1, 14, 15 කියවන්න.

නැවත නැඟිටින අය ජීවත් වෙන්නේ කොහෙද?

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කෙරුවේ ස්වර්ගයේ ජීවත් වෙන්නද? නැහැ. ස්වර්ගයේ ජීවත් වෙන්න නිර්මාණය කෙරුවේ දේවදූතයන්වයි. මිනිසුන්ව නිර්මාණය කෙරුවේ පොළොවේ ජීවත් වෙන්නයි. (උත්පත්ති 1:28; යෝබ් 38:4, 7) යේසුස් කරපු නැවත නැඟිටීම් ගැන ටිකක් හිතලා බලන්න. ඔහු මිනිසුන්ව නැවත නැඟිට්ටෙව්වේ පොළොවේ ජීවත් වෙන්නයි. ඉතින් අනාගතයේදී නැවත නැඟිටින අයගෙන් වැඩිහරියක් ජීවත් වෙන්නේ මේ පොළොවෙමයි.යොහන් 5:28, 29; 11:44 කියවන්න.

ඒත් දෙවියන් ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් විදිහට කීපදෙනෙක්ව නැවත නැඟිටුවන්න තෝරගෙන තියෙනවා. (ලූක් 12:32; 1 කොරින්ති 15:49, 50) ඒ අය ස්වර්ගයට ගියාට පස්සේ යේසුස් ක්‍රිස්තුස් එක්ක රජවරුන් හැටියට පොළොව පාලනය කරනවා.—එළිදරව් 5:9, 10 කියවන්න.